..
..
..
ගොඩක් අය එක ළඟ චැපි දුන්නම එකක් මග ඇරලා කියවන්නේ..😒 මීට කලින් තව එකක් දුන්නා මං...
..
..
..
..තේරෙනවනේ...කිසිම ප්රශ්නයක් වෙන්න බෑ....කිසිම කම්ප්ලේන් එකක් ලැබෙන්නත් නෑ.... හැමදේම හරියට වෙන්න ඕන...
..හරි සර්..
..නෑ සර් කියන්න ඕන නෑ...නම කියලා කතා කරන්න...
.හරි...
..දැන් යන්න..වැඩ ටික හරියට කරන්න...අපේ නමට කිසිම හානියක් වෙන්න තියන්න එපා...
..අනිවාර්යයෙන්ම හොදට වැඩ කරන්නම්...
..ඕකේ ගුඩ්...
සෙක්ශන් මැනේජර් උරහිසට තට්ටුවක් දාලා යන්න යනකොට මං ආයෙත් පාරක් පාත් වෙලා මගෙ යටි පතුලෙ ඉදන් උඩට බලාගෙන ආවා...අවුලක් මේ යුනිෆෝර්ම් එක මට ගානට සෙට් වෙනවා....නම ගහපු ටැග් එකක් හදලා දෙනකම් Trainer කියලා ගහපු එකක් වැලමිට ගාවට අත් දිග ලා කහ පාට ශර්ට් එකේ සාක්කුවට උඩින් ගහන්න හම්බුනා....තද කලු පාට කලිසමේ පිටිපස්සෙ සාක්කුවේ සුදු පාටින් ශොපින් මෝල් එකේ නම මහලා තිබුනා....ඒක නැත්නම් මේක ඕන තැනකට ඇදන් යන්න ගැලපෙන ඇඳුමක්...හොරකම් කරයි කියලා බයේද දන්නෙ නෑ මේ නම මහලා තියෙන්නේ..වැඩේමනේ ඉතින් මට හොරකම් කරන්න...
ලා කහ පාට කමිසෙ කලිසමට යට කරලා එතනින්ම දීපු සපත්තු දෙක එක්ක මට තිබුනේ ටිකක් වැදගත් පෙනුමක්...පිස්සෙක් වගේ නැතුව කොන්ඩෙ පිලිවෙලකට පීරගෙන මං ලෑස්ති උනේ එන එන අයට උදවු කරන්න...මුලිම් අමාරු වෙයි කියලා හිතුවත් හිතුව තරම් ඒ වැඩේ අමාරු උනේ නෑ....තිබුනේ එන අයට ගුඩ් මෝර්නිම් හරි ගුඩ් ආෆ්ටර්නූන් හරි කියලා මොනවද ඕන කියලා අහන්නයි...කොහොමත් ඔය ඇදුම් , සපත්තු ගන්න එන අය එකපාර දෙයක් තෝර ගන්නෙ නැති නිසා මට උනා පැත්තකට වෙලා බලන් ඉන්න...ගන්නෙ මොනාද කියලා අහගෙන CID වගේ පස්සෙන් යන එක තරම් කරදරයක් කස්ටර්මර්ලට තවත් නැති තරම්....හුගක් තැන්වල මොන තරම් හොද දේවල් තිබුනත් යන්නෙ නැතුව කස්ටර්මර්ල යන්න යන්නේ මේ පස්සෙන් එන සේලර්ලගේ කරදරේ දරාගන්න බැරි තැනමයි....හොද ඇදුම් ඇදන් හිටියත් එන හැම කෙනෙක්ම සල්ලි තියෙන අය නෙවේ...එහේව් එකේ එයාලා ඇදුම් තෝරන්නෙත් සාක්කුවට ගැලපෙන්න..ඉතින් අර පස්සෙන් එන සේලර් මූන දිහාම බලාගෙන ගනන් වැඩි ඇදුම අත ඇරලා ගනන් අඩු එක තෝරන දිහා බලන් හිටියොත් ඒක අනිත් කෙනාට ලොකු අපහසුවක්....ඒ නිසාම හිතට දැනෙන දේ නොගෙන හරි නෑ කියලා යනවා...නැත්නම් ලැජ්ජාවටම මොනවත්ම නොගෙන ගස්සගෙන යනවා....හිනා වෙන්න එපා ඕක තමා යතාර්තේ...දැන් මෙතන ඇදුම් විකුනන තැනට වැටිලා හිටියත් මාත් කාලෙකට කලින් එහෙම පර්ස් එක දිහා බලලා ඇදුම් තෝරලා , මූන බලන් ඉන්න වදකාරයෝ නිසා ගන්න ලැජ්ජාවට මාරු වෙලා ගිය කෙනෙක්...ඒ කරදරේ ගැන දන්න නිසාමයි, පලවෙනි දවසෙ පලවෙනි කස්ටර්මර්ව නැති කරගන්න අකමැති නිසාමයි මං කතා කරනකම් ඈතට වෙලා බලන් හිටියා.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....