..
..
..
බබාලගේ ටෝයිස් දිහා බලන් ඉන්නකොට එකපාරටම ඇවිත් ඇගේ වැදුනු දේත් එක්ක මං කලබල වෙලා පිටිපස්සට පැන්නා....ඒක ඇගේ වැදුණා කියනවටත් වඩා හොද කකුලක වැදුණා කියන එකයි..ඒතරම් රිදුනේ නැති උනත් ඒ වැදුනු පාර එක්ක ගැස්සිලා ගිය මං ඔලුව හරවලා බැලුවත් දැක්ක කෙනා එක්ක ඊට වඩා කලබල උනා....
..ඔයා...හ්??..
මට අදහා ගන්න බැරි උනා...තප්පර ගානකටත් කලින් මතක් කර කර හිටිය බෝල කොල්ලා අන්තිමට මගෙ කකුලකම හැප්පිලා බිම වැටිලා ඉන්නකොට මේ වෙන්නෙ මොනාද කියන්න මට හිතාගන්න බැරි උනා..වැටුනු පාරට විසිවෙලා බිම ඉන්දවුනු එයා ඒ විදිහටම කටත් පුම්බන් බිම බලන් ඉද්දි ජොබ් එක ගැන අමතක කරලා මං බබා ලගට පාත් උනා...අනේ..ව්ව්..මං එනකම් බලන් හිටියා වගේ එතකොටයි බෝල ගෙඩිය ඔලුව උස්සලා බැලුවේ....මේ පැංචගේ තියෙන හුරතලයක්...ඒ ගමන කටත් උල් කරන් මූනත් එක්ක උඩට ඉස්සුවා...ඇබිත්තකට නැති නහයත් අකුලගෙන අර චූටි අත් දෙක දෙපැත්තට දික් කලා...හරියට වඩා ගන්න කියන්න වගේ......ඒත් මං බලන් හිටියා....එයා එහෙම කිව්වට බෑනේ...මේ බබාට අයිතිකාරයෙක් ඉන්නවා නම්...එයාලා අකමැති නම් ඕන ඕන විදිහට බබාව වඩා ගන්න මට අයිතියක් නෑනේ....
..කෝ පැටියෝ අම්මා...ම්ම්..අම්මා කෝ...කියන්නකෝ පැටියෝ..
.ම්..මා..
..ඔව් ඔව් අම්මා තමා..කෝ කොහෙද..ඊයෙත් තනියම අදත් තනියම..කොහෙද රත්තරනේ මේ හැටි තනියම දුවන්නෙ...බෝලෙ වගේ පෙරලි පෙරළි...ඔව්..බෝලයක් වගේ පෙරළි පෙරළි ..මොනා හොයන්නද අනේ මේ දුවන්නේ ..
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....