..
..
..
..මට මොකද ඕන වීදිහකට හිටපුදෙන්..
ඇස් දෙක වටයක් කරකවපු යීබෝ හිතේ හීනියට තිබුනු ඉරිසියාවටත් එක්ක කලේ නිදාගෙන හිටිය කොල්ලටත් රවපු එක...පේන්නෙ නැති වග දැන දැනම ඇස් දෙක හීනිම හීනි කරන් ඒ කොල්ලට රවලා මදි පාඩුවට කියලා පැත්තකට වෙලා තිබුනු වෙයිගේ කකුලකටත් පොඩි පයින් පාරක් ගැහුවා....
..ම්හ්....
ඒ පාරත් එක්ක මේ තරම් වෙලා උඩුබෙලි අතට හිටිය වෙයි කකුලකුත් කොට්ටයක් උඩින් දාගෙන බෙල්ලත් පැත්තකට කරලා මුනින් අතට හැරුනා.....ඒක දකිනවත් එක්කම යීබෝගේ නම් කට ඇද වෙලා ගියේ ඉරිසියාවටත් එක්කමයි...මොකද යීහනුත් සාමාන්‍යයෙන් නිදාගන්නේ ඒ විදිහට ..යීබෝ නම් හැමදාම නිදාගෙන ඇහැරෙන්කම් ඉන්නේ උඩුබෙලි අතට උනත්....යීහන් වගේම මේ අලුත් කොල්ලත් නින්දෙන්ම හතර අතට කැරකෙනවා දකිනවත් එක්ක යීබෝ පොඩි ළමයි කරනවා වගේ දෙපැත්තට කට ඇද කරලා නිදාගෙන හිටිය අසරනයට රැවුවා......
හරියටම බැලුවො එතන දැන් C E.O වන්ග් කෙනෙක් නෑ ..එතන ඉන්නේ තමන්ගේ දරුව තමන්ට වඩා වෙන කෙනෙක්ට ආදරේ වෙයි කියලා ඉරිසියාවෙ පැලෙන අප්පච්ව්චියෙක්...වෙනදට කේන්තියට තද වෙන යීබෝගේ කම්මුල් අද නම් ඉරිසියාවටත් එක්ක ටිකක් හුරතල් පාටට තද වෙලා තියෙද්දි...එ ලමා ළපටි පාට තවත් වැඩි කරන්න අඩි පොලොවෙ ගහපු එක.....
...ඔන්න ඔහෙ කමක් නෑ....
තප්පර ගානක් ගිනි පිබින ගමන් හිටිය යීබෝ හොද හුස්මක් අරගෙන දපනේ දාලා නිදාගෙන හිටිය වෙයිව උස්සලා අත් දෙකට ගත්තා.....කොල්ලා ඒ තරම්ම බරත් නෑ...හැබැයි ඉතින් මහ ලොකු බරක් වගේ යීබෝ කටත් ඇද කරලා කොල්ලට ආයෙ රවලා කාමරෙන් එලියට ආවා.....රැවුවට බැන්නට යීබෝ කැමති නෑ ගෙදර වැඩකාරයෙක්ටවත් මොන්ම අඩුපාඩුවක්වත් වෙනවට..වෙයි ශියන් කියන්නෙ එයාගේ දරුවා බලාගන්න ආව කෙනා හින්දම මොන දේ උනත් පහසුමක් ඇතිව ඉන්න හ්දලා දෙන්න ඕන කියන එක එයාගේ හිතේ තිබ්බා...
හැබැයි ඉතින් වෙන මහත්තුරු නම් දරුවා බලාගන්න ආව පලියට එක එක් කෙනාව ඔහොම වඩාගෙන ගිහින් නිදිකලේ නෑ අපේ හාමුදුරුවනේ...හුහ්...
KAMU SEDANG MEMBACA
🎼 S A Y H I 🎼 ( Completed)
Romansaමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....