🎼 Chp 9️⃣2️⃣ 🎼

1.2K 201 38
                                    


..

..

..








..ම්...මම්..මා...හ්....

..ශ්...

..මම්මියේ...හ්හ්...මම්මියේහ්...

..ශ්....කැ ගහන්න එපා යීහන්.ඔයාගේ අම්මියා දොයි....

..දොයි...

..ඔව් ඔව් දොයි...ඇහැරවන්න එපා...

..අයි..අයි...

..ඇයි කියන්නෙ ඉතින් ඔයාගෙ මම්මියා ඊයේ රෑ හුගක් දැගලුවනේ....පන්ඩිතකමයි තියේන ගොන්කම්වලටයි එක්ක හරියන්න අප්පච්චි අම්මියට ගැහුවා....ඒ හින්දා තමා ඔය දොයියන් ඉන්නේ....





යීහන්ගේ ඇස් දෙක ලොකු උනා....අප්පච්චි එයාගේ අම්මියට ගැහුව කියනවත් එක්කම චූටි හුරතලේ බය වෙලා වගේ පුදුමෙන් අත් දෙකෙන්ම කට වහගත්තා...එයා යීබෝ දිහායි ජාන් දිහායි මාරුවෙන් මාරුවට බෙල්ල හරවලා බැලුවේ හරියට කියපු දේ තේරිලා වගේ.....ඉතින් යීබෝ ඒ කම්මුල් එල්ලෙන බෝල මූනට පාත් වෙලා ආදරේ ..ලෝබ්කම උතුරන බර හාදුවක් තිබ්බා ...


..මෙහෙ එනවා හොර ගෙඩියා...


යීබෝ බලෙන්ම වගේ යීහන්ව එයාගේ පැත්තට ඇදලා ගත්තා ..මූනට ඉර එළිය වැටෙනවත් එක්ක ඇගිල්ලත් කටේ ගහන් හිටිය බට්ටා අඩන්න කට හදාගෙන ඇස් ඇරියේ එයගෙ පප්පා කොහෙද ඉන්නෙ කියලා බලන්න..හැමදාකම වගේ පපුව උඩ තියන් නිදි කරවන යීබෝව උදේ වෙද්දි පේන්න නැති උනාම ඒකම ඇති යීහන්ට පැය ගානක් උනත් හුස්ම අල්ල අල්ල් අඩන්න....ඒ හින්දම යීබෝ මොන වැඩේ තිබ්බත් යීහන් නැගිටිනකොට එයා එක්ක හිටියා...ඒ උනත් කාලෙකට පස්සෙ යීබෝ පේන්න නැති වෙද්දි ඇස් දෙකත් පොඩි කරන ගමන් පැම්පස් එක පිටින් විතරක් හිටිය යීහන් ලෑස්ති උනේ කට හදලා අඩන්න ගන්න...බිත්තිය පැත්තට වෙලා කොට්ට ගොඩකින් වට වෙලා හිටිය යීහන්ට එකපාරටම ඉන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරි උනත් ..අඩන්න බලාගෙන පොඩි කරපු ඇස් අරිනවත් එක්කම දැක්ක දෙයින් අඩන්න ඕන කියන එකත් යීහන්ට අමතක වෙලා ගියා..



පලවෙනි වතාවට එයාගේ අම්මයි අප්පච්චියි දෙන්නා එක ඇදක...ඒකත් .කවදාවත් නැති විදිහට තුරුලු වෙලා.....ජාන් හිටියෙම එයාගේ සම්පූර්නම බර යීබෝට දීලා එයාගේ ඇග උඩම වැතිරිලා සනීපෙට ඒ බෙල්ල අස්සට මූන ගහගෙන.....ඇහිබැම වේදනාවෙන් ඇකිලිලා තිබුනත්...ඒ මූනේ සැනසීමක සේයාවක් තිබුනා....ජාන්ව අත් දෙකෙන්ම තුරුලු කරන් තද කරලා අල්ලන් හිටිය යීබෝගෙත් තොල් අග යාන්තමට හිනාවක් ඇදිලා තිබුනා ..අලුත විවාහා උනු දෙන්නෙක් ගානට...නැවතුනු ජීවිතේ ආයෙම පටන් ගන්න එයාලගේ වැහුනු ඇස් පියන් පවා සාමකාමී වෙලා තිබුබා.......



🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now