🎼 Chp 8️⃣6️⃣ 🎼

1K 187 21
                                    

..

..

..





මං බලාගෙන හිටියේ ටකාශි කා එක හෝදලා ඉවර වෙනකම්..වැඩට කියලා කී දෙනෙක් හිටියත් එයාටම ඕන උනානේ මේක හෝදන්න...දන්න කාලේ ඉදන් යීබෝ පාවිච්චි කලේම මේ වාහනේ...මේක ඩ්‍රයිව් කලෙත් ටකාශිමයි...ඉතින් ඒ පුරුද්දටයි වාහනේට තියෙන ආසාවටයි එයා කැමති නෑ වෙන අය මේක හෝදන්න කරන්න එනවට...හරියට අපිත් කැමති නෑනේ ගෙදර සර්වන්ට්ස්ලා කීයක් හිටියත්...අම්මා අප්පවත් අපේ කාමරේට අත ගහන්න එනවට...මේකත් ඉතින් ඒ වගේ දෙයක් තමා....





..හරිද ඉවරද..

.ම්ම්.ඉවරයි ..ඇයි අහන්නේ...

..අපි යමුද හොස්පිටල් එකට...මට ටිකක් අමාරුයි වගේ...

..තමුසෙ යන්න ඕන නෑ...!!..ඩොක්ටර් කෙනෙක් මෙහෙට එක්කන් එන්නම්...



ඒ පාර ඒ මොකද උනේ..පොල්ලෙන් ගහන්නා වගේ එකපාරටම මගෙ පැත්තට හැරිලා ඉනටත් අත් දෙක තියාගෙන රවලා කියද්දි මගෙ මූන ඇද උනා...මේකා හරියට මගෙ මිනිහා වගේනේ බලන් ගියාම...



..මෙතන ලෙඩා මම....මං කියන දේයි තමුසෙ අහන්න ඕන..

..ඒ මොන නීතියක්ද...තමුසෙට ඔය කියන තරම් ලෙඩ නම් සද්දෙ වහලා ඉන්නවා මං ඩොක්ටර් කෙනෙක්ව ගෙදරට එක්කන් එන්නම්..ලෙඩ නම් දුර ගමන් යන්නත් බෑනේ...

..හොස්පිටල් එක කොහෙදො මිනිහෝ දුර...

..ඒවා මට අදාල නෑ....තවත් මේ සීතලේ ඉන්නෙ නැතුව උන නම් ඇතුලට යනවා වද නොදී....

..දැන් ඔය කියන්නේ මාව හොස්පිටල් එක්කන් යන්න බෑ කියලද..

..ඔව් බෑ තමා....!!!...තමුසෙව උස්සන් ගිහින් ලෙඩ වැඩි උනොත් ආයේ තව එකක්...

...එහෙනම් මං කියන ඩොක්ටර්ව ගෙදරට ගෙනත් දෙනවා...

..ම්..හා..එහෙනම් ඒ මොකාද කියනවකෝ...



පපුවට අත් දෙකත් බැඳගෙන මං ඇස් යටින් බැලුවා...ඔය කෑවෙ ගොනා ගානට පොල් පැලේ..හ්ම් හ්ම්...ඔහොම යමුකෝ...ටකාශි හෝස් බටෙත් දමලා ගහලා මටත් රවාගෙනම ආයේ කොහෙදො යද්දි..අසනීපකාරයෙක් විදිහට මං බංකුව උඩට වෙලා කකුල් දෙකත් වනන ගමන් හිටියා....කොහෙටදෝ අතුරුදහන් උනු කොල්ලා ආයෙම ආවේ ෆෝන් එක අතට අරන් වෙද්දි මොනවත් නොදන්න අසරනයෙක් ගානට මං හොස්පිටල් එකත් එක්ක ඩොක්ටර්ගේ නම කිව්වා....




🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now