(හපෙ අප්පේ අශූවකුත් ලිවුවා ඒනම් මං....සතුටුයි ඈ ..😌)
පෙර කොටස......
.ජාන් කටත් ඇද කරගත්තා...යීබෝගෙත් වෙලාවකට මාර කැටයම්...බල්ලයි කොල්ලයි බලාගන්න විදිහ ගැන එයා උපදෙස් ගොඩක් දීලා අන්තිමට වෙන මාතෘකාවකට ආවා..
..බබාව බැලුවද...
..මොන..
..තමුන්ගෙ බබා..
..ආහ් මේ..ඔව් ඔව්..බැලුවා.....
..වේලාසන ආවේ...
..බබා හස්බන්ඩ් එක්කනේ..මං ඉතින් ආවා.....
යීබෝ වැඩිය මොකුත් අහන්න ගියෙ නෑ.....ඒ හින්දා ජානුත් එතන නොයිද යන්න හැරුනා....හැබැයි ඉතින් යීබොගේ මූනේ මොකක්දෝ හේතුවකට අමුතු දුකක් තියෙද්දි..දැක්කත් නෝදැක්ක ගානට ජාන් බලු පැටියවත් තුරුලු කරන් එලියට ආවා.....
...හහ්...යන්න ඇති මං නැතුව ඇවිදින්න..මෝඩයා...හ්හ්....
............................................
....................................
.............................
.......................
..................
............
.......
....
..
....යිහන්...යී...හා...න්න්....අප්පච්චිගේ චූටි බට්ටෝ..හ්...
..ප..ප්පා ..
..ඔව් ඔව්..මගෙ වස්තුවගේ තමා...
දවල් කාලේ පුරාම මගෙත් එක්ක ඉන්න දරුවා..රෑ උනත් හරි යීබෝ දශමෙකටවත් ළඟින් ඈත් කරන්නෙ නැති කොට....ඒ දෙන්නා දිහා මං බිත්තියට හේත්තු වෙලා බලන් හිටියා.....ඇග හෝදවලා එක්කන් ආව හොර කොල්ලා සේරම එලියෙ දාගෙන කකුල් දෙක උඩට උස්සන් චූටි කට එහාට මෙහාට කරන ගමන් කියවද්දි..කාලෙකට කලින් මට විතරක්ම දීපු ලොබ හිතෙන හිනාවෙන් යීබෝ යීහන්ගේ ඇග පුරා ක්‍රීම් ජාති ගෑවා...හරි පරිස්සමට ..ඒ රෝස පාට චූටි අත පයවලට රිදෙන්නෙ නැති වෙන්න එක එක ජාතියේ සුවදවල් දෙන ක්‍රීම් යීබෝ හොර ගෙඩියගේ ඇගේ ගෑවා...
..පප්පා මෙත..මේත...
..ඔව් ඔව් ඒකත් ගානවා තමා...ඉන්නකෝ චුට්ටක් දගලන්නෙ නැතුව මගෙ වස්තුව ම්ම්...
මං බොරුවටද කියන්නෙ මේකා නිකම් කෙලි පැටික්කියෙක් වගේ කියලා....පොඩි උනාට ගාන්නෙ නැති ජාතියක් නෑ....දැනටමත් යීබෝ ඇගේ බෙබි ක්‍රීම් ගාද්දි පන්ඩිතයා ඇගිල්ලත් කටේ ගහන් තව ජාතියක් පෙන්නනවා....එකක් ගාලා ඉවර වෙනකම් ඉවසිල්ලක් නෑ....දත් තුන හතරක් තියෙන ඇබිත්තන් කට එහෙ මෙහෙ කරලා පන්ඩිතකමට කියෝනවා...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....