🎼 Chp 0️⃣9️⃣ 🎼

1.3K 290 74
                                    

..

..


..







   උදේම පායපු ඉරේ එලිය කාටත් කලින් ඇවිත් මගෙ මූනට වැටෙද්දි මං අත ඉස්සරහට කරන් ඇස් පියාගත්තා...ඇස් පියාගත්තට වැඩක් නෑ කියලා කියන්න මුහුදෙන් ආව සීතල හුලන් ඇගේම හිරි පිපුවනකොට මට අකමැතිකමට උනත්  නැගිටින්න සිද්ද උනා....බන්කුවේ ලෑලි පටිවලට තද වෙලා කොන්ද රිදෙන්න අරන් තිබ්බේ....පිටිපස්සට අත යවලා කොන්දත් අත ගාන ගමන් මං අත් උස්සලා නිදි ගැට කැඩුවා.....ඒ .ත් ටික වෙලාවයි...උස්සපු අත වේදනා දෙන්න පටන් ගන්නකොට මං කෙදිරි ගාගෙනම ඒ අත අල්ලගත්තා.....ආ..හ්..දහ දෙනෙක්ගෙන් ගුටි කාලා වගේ....ඇගටම පන නෑ...බඩගින්නක් තිබ්බා උනත් නැගිටලා යන්නවත් මට පණක් නෑ.....දුර දිග නොබලා කලා උනත් මුහුදු හුලන් නිසා හුස්ම ගන්න  බැරි වෙන තරමට මගෙ නහයෙ එක පැත්තක්  හිර වෙලා තිබ්බා...ඉහළට ඇද ගත්තත් එකපාරටම හිර උනේ නැති පැත්තෙන් හොටු ගලාගෙන එද්දි මං ඉහළට ඇදල හොටු ට්ක පිටි අල්ලෙන් පිහගත්තා......

..අනේ මට මහන්සී.....


  බීච් එකට දෙන්නා තුන්දෙනා එන්න පටන් අරන් තිබ්බත් ගානක් නැතුව මං ආයෙම ලී බන්කුවට වැටුණා....උදෙ උනාට කමක් නෑ මට ඔන ආයෙම නිදාගන්න....කොහේ හරි මුල්ලකට ගුලිවෙලා....අද කොලේජ් යන්නත් මගෙ ඇගට පන නෑ වගේ....අත මිටි මොලවලා මූනට ගහපු පාරක් එක්ක මට කටවත් ඇරගන්න.බෑ.....ඉහික් දතකුත් හෙල්ලෙනවද මන්දා....දැන් නම් මට කතා කරන එක කරගන්න කොහොමත් බෑ ..මට කතා කරන්න බෑ කියන්නේ අද යීබෝ හම්බෙන්න ගිහිල්ලත් වැඩක් නෑ...අද ඉරිදා...ඒ නිසා එයා උදේම එනවා...ඒත් මට යන්න බෑ...මං මේ තරම් හරි හැමදේම කරන් ඉන්නෙ කටින් ගහලා වෙද්දි කට නැති උනා කියන්නෙ මං මොනා කියලා කරන්නද...මලක් දික් කරන් මූන දිහා බලන් ඉන්නද..හුහ්...ඒකා මාව පිස්ටල් එකෙන් ගහලා පන්නයි.....

  නිදාගත්තත් ආයෙම ඉර එලිය මූනට වැටෙද්දි මං කකුල් දෙක බන්කුවෙන් එලියට වැටෙන්නම දික් කරගත්තා...වැලමිට ගාවින් නවලා මං ඇස් දෙක වහගෙන ආයෙත්මත් නිදාගන්න හිතන් හුස්මක් ගත්තා....කන් දෙක ළඟින් බීප් සද්දෙන් ඉවරයක් නැතුව වාහන යන්න පටන් අරන් තිබ්බා...ඉරිදා නිසාම උදේ ඉදන් මිනිස්සු වගේම වෙළඳාම් කරන අය බීච් එකට පිරෙන්න අරන් තිබ්බ නිසා ලොකු ඝෝශාවක් මං වටේ ඇති වෙලා තිබුනා...ටිකෙන් ටික ඉර එලිය සැරට වැටෙනකොට මිනිස්සුගෙන් හිස් බංකු පිරිලා ගියත් මං මැරුනා හා සමානව මේ බන්කුව අත් කරන් හිටියා...ලෙඩෙක් කියලා හිතලද මන්දා කවුරුත් මගෙන් එහාට යන්න නොකියද්දි මුහුදු හුලගටත් මකන්න බැරිව ඉහින් කනින් දාඩිය දාන තරම් වෙලාවක් මං නිදාගෙන හිටියා....ඒ කියන්නෙ හොදටම දවල් වෙලා...උදේටවත් කෑවෙ නැති මට දවල් කෑම එකනම් නොගෙන ඉන්න බැරි උනා..මොනාහරි ලොකු දෙයක් ඕන උනත් අතේ තිබ්බ සල්ලි මදි උනු නිසා ළඟ තිබ්බ ස්ට්‍රීට් ෆුඩ් කඩේකින් මං බර්ගර් දෙකක් අරන් කටට ඔබාගත්තා....

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now