..
..
..
Wei 's P.O.V°°°°°
..ටික් ටික් ටික්...
ටික් ටික් ටික්....
වෙලාව...
තප්පරෙන් තප්පරේ ගතවෙනවා...
ඕන උනත්...
නතර කරන්න බැරිවම.....
..කෝ බලන්න ඉතින් මගෙ වස්තුවගේ ලස්සන .....
ඒ චූටි මූන අත් දෙකෙන්ම අල්ලන් මං චුට්ටක් දෙපැත්තට වැනුවා....බෝලම බෝල කම්මුල් තව ටිකක් බෝල වෙලා ඇබිත්‍තන් රෝස පාට තොල් පට උල් වෙද්දි මගෙ දිහාම බලන් උන්නු ඒ චූටි ඇස් පවා දිලුසුනා....
...මම්මියේ...
..ඔව් ඔව්...මගෙ වස්තුවගේ අම්මියා තමා....
දිග නින්දක් නිදියලා නැගිටලා..ඊට පස්සෙ කුක්කි බීලා ..නාලා දැන් සුවද ගහන බෝලයක් වගේ ඉන්න බට්ටගේ සිනිදු කම්මුල් යාන්තමට ඇගිලිවලින් පොඩි කරලා මං හාදුවක් තිබ්බා..එය හිනා උනා...ඒ හාදුව චොක් ගාලා.තිබ්බ හාදුවක් වෙද්දි ඒ සද්දෙට චූටි මූන උඩට උස්සන් එයා සද්දෙට හිනා උනා....ඉතින් ඒ ඇබිත්තන් නහයටත් මං කලේ හාදුවක් තිබ්බ එක..
..මේ මේ..
..ඔව් ඔව් මේවාත් ගාමු...
කෙල්ලෙක් ගාවවත් නැති විච්චූරන එයා ළඟ තියෙද්දි..ඇද උඩ ගොඩගැහුනු රෝස මල් සුවද බේබි ක්‍රීම් එකක් අරන් මං ඒ චූටි අත්වල ගෑවා.....එයාගේ මූනට ගාන්න එක ජාතියක් අත පයවලට ගාන්න තව ජාතියක්...එයා කියන විදිහට චූටි පස්ස පැත්තේ ගාන්නත් තව ජාතියක්.....අනේ ඉතින් මේකගේ තියෙන කොමලේ.....එකක් හරි මග ඇරුනොත් මූන් ඇද කරගන්නවා......අපි පොඩි කාලේ නම් ඔහොම නෑ හාමුදුරුවනේ හුම්....
..දැන් හරිද ම්ම්...
..නා නා මේආ...
මූන පුරාම ගාන්න පුළුවන් හැම එකම ගාලත් එයා අත දික් කලේ යීබෝගේ පර්ෆියුම් ගොඩට.....ඒ.දිහාත් බලලා ඇස් බෝල කරන් හිටිය බට්ටා දිහාත් බලලා මං ඒ චූටි කන් පෙත්තක් යාන්තමට හැපුවා....
..ඒවා ලොකු අය ගාන්නේ..බබාලා ගාන්නෙ නෑ...
..අයි ඒ...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....