🎼 Chp 7️⃣0️⃣ 🎼(Bonus)

1K 188 74
                                    

..

..

..


..මොනාද මිනිහෝ කරන්නෙ මාව මරාගන්නද ඕන....


කොට්ටෙන් ගහපු පාරට කොල්ලා විසි වෙලා වගේ ගිහින් පිටිපස්සට වැටුනා වගේම ඒකගේ කකුල් දෙකත් උඩට ඉස්සුනා....ආයෙමත් ඒ කකුල් ගෙම්බෙක් වගේ දෙපැත්තට දාගෙන ඒකා නැගිට්ටේ ආපිට කොට්ටෙන් දමලා ගහන ගමන්...වෙලාවට යීහන්වත් වඩාගෙන එහාට උනු නිසා කොට්ටෙ මග ඇරිලා යද්දි කොල්ලටත් වඩා සද්දෙන් මං කෑ ගැහුවා.....


..මරාගන්න තමා දැන් ඕන තමුසෙ බොරු කියලා මගෙ පොඩි එකාව නරක් කරනවට....

..මොකක්ද මං දැන් කිව්ව බොරුව ආහ්.....

..බොරුව!!..මොකක්ද තමුසෙ කිව්ව ඇත්ත ආහ්හ්හ්.....

...මොතත්ද මොතත්ද..

..අන්න හරි කතා කරන්න යීහන්..


අපි දෙන්නම දෙපැත්තකට වෙලා වෙයිට බැන්නා...යීහනුත් මගෙ බෙල්ල බදාගෙන කකුලක් වනන ගමන් කට උල් කර කර මොනවදෝ කියන්න හදද්දි රවාගෙනම ඒකා දිහා මං බලන් හිටියා...


..විකාර නොකියා ඇත්‍ත කියනවා...

..ඉ..ඉතින් ඇත්ත තමා කියන ගමන් හිටියේ..

..මොකක්ද ...තව ටිකකින් ටකාශි පියාබන කාර් එකක යෝද මකුලුවෝ පස්සෙ ගියා කියලද ආහ්..

..ඉතින් ඉතින් චුට්ටක් ඉන්න ඔයාගේ කලබලේනේ සර්.....මං කතාවට එන්ටර් වෙන ගමන් හිටියේ...කොහෙද ඉතින් ඔයාගේ කලබලෙනේ...




පපුවට අතකුත් තියන් කොල්ලා බෙල්ල ඇල කරලා කතා කරද්දි හිටගෙන හිටිය මං ආයෙමත් කොට්ට ගොඩින් ඉදගත්තා...යීහනුත් ඒ එක්කම මාව අතෑරලා දන ගාන් ගිහින් බවු පැටියව බදාගද්දි....එයාව මැද තියාගෙන එහා පැත්තේ හිටිය පිස්සු පකයට මං රැවුවා....



..මෙදා පාරවත් ඇත්ත කතාව නොකිව්වොත් ඇදුම් ඇතුව හරි නැතුව හරි මං උබව හමගහනවා....

..හා හා අනේ...

ඇගිල්ලත් උරුක් කරන් මං කියද්දි කොල්ලා එරමිනියත් ගොතාගෙන බොරු කියන්නෙ නෑ කියලා අගවන්න වගේ අත් දෙක උඩ ඉස්සුවා...








🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now