🎼 Chp 1️⃣2️⃣ 🎼

1.4K 268 29
                                    

..

..

..








..ජා..න්...

..ජා..න්..ලමයෝ...

..නැගිටින්නකෝ.ජාන්...

..මාව ඇහෙනවද ...






ඔව් ඉතින් ඇහෙනවා නේන්නම්...මං කියලා මොකද බීරිද....මේකා මේ කෑගහන්නෙත් කන ගාව ඉදන් වෙද්දි මැරුනු එකෙක් උනත් නැගිටින්නෙ නැද්ද....මේකා ඉතින් දැන් මට කතා කරන්නෙත් මං මැරුනා වගේ තමා...මූනට වතුර ඉහල කම්මුවලට තට්ටු කරනවා...යාන්ත්මට මාව හොල්ලනවත් එක්ක...ඒ ගමන මට දැනුනේ මොනාහරි මට පෙරෙව්වා වගේ...මං හිතන්නෙ ශීට් එකක්...නිකම් නෙවේ බෙඩ් ශීට් එකක්....මුන් ටික මේ මාෆියාවෙ උනාට හැසිරෙන්නෙ නිකන් කෑම්පිම් ඇවිත් වගේනේ.....ඉන්නෙත් පොඩි ලමයි කරනවා වගේ රවුමක් හැදිලා...කාර් ටික කූඩාරමක් ටික වගේ....මැදින් යොන්ග් ගේ කාර් එකත් තියෙනවා...අඩුපාඩුවකට තියෙන්නෙ ගිනි මැලයක් විතරයි ..ආ..හ් නෑනේ...ඒක කොහෙද අඩුපාඩුවක් වෙන්නේ..ඔය දැනටමත් අගේට පට පට ගාලා ගිනි මැලේ අඩුව පුරවන්න යොන්ගේ කා එක ගිනි ගන්නේ...වෝහ්..ඒ රස්නේ...නා...යිස් ආ.....ඔය අස්සෙම ඉතින් අර අහේනිය හැදුණු එකාගෙ මිනියත් පිච්චෙනවා ඇති...මට බලහත්කාරකම් කරලා මට කරදර කරන්න හදපු ඒ අත් කරකුට්ටන් වෙලා යන්නම මිනිහා ඇවිලෙනවා ඇති.....නියමා..........යී.....යොන්ග් කියන්නෙ මගෙ ඇගට ඔය තරම් වෙලාවක් අත තියාගෙන හිටිය , පලවෙනි මිනිහා....ඒ නිසා ඇදුනුම්කමට යොන්ග්ව යීබෝ අත ඇරියත් මේ මං නම් කීයටවත් අතාරින්නෙ නෑ...මරන්න බැරි නම් ඒකට ඇඩෙන්නම පන පිටින් ඉද්දි ඩොලර් 70 000 ගලවන් යන්න හිතන් හිටියේ...දැන් ඉතින් මහන්සි වෙන්න ඕන නෑනේ..

..ම්ම්..ආ..හ්හ්...

..ජා..න්න්...

..ඊ.හ්..ක්...ආ..හ්හ්...



නිදාගෙන හිටියේ නැති උනත් මේ දැන් ඇහැරුනා වගේ මං බොරුවක් දැම්මා.....මුලින්ම අමාරුවෙන් වගේ කෙදිරි ගාලා උනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව මං වේගෙන් ඇස් පිය ගැහුවා...මං තාමත් හිටියේ ටකාශියට හේත්තු දාගෙන වෙනකොට මං ඇස් කරකවලා වෙන්නෙ මොනාද කියන හොරෙන් බැලුවා...ම්ම්..හරිනේ....අපේ එකා අර කලු කුමාරයො ටික පෙලීයට හිට්ටවන් භක්ති ගීත කියනවා....ආ..හ් නෑ..හටන් කවි කියනවා....ඇස් හීනි වෙලා මූන රතු වෙලා තියෙන හැටියෙන් නම් හටන් කවියක්ම තමා...නැත්නම් වෙන මොනාද...අරුන් ටිකත් ඉතින් ඔලුව නවාගෙන අහගෙන ඉන්නවා....උන්ගේ බයටම ඇකිලිලා ගිය මූන දිහා බලාගෙන මං වේගෙන් ඇහි පිය ගහලා මූන ඉස්සුවා....ඕහ්...මං තාමත් විසි කරලා ගිය විදිහට ටකාශියගෙ අස්සෙමයිනේ..මුන්ට බැරි උනානේ මෙතන ඉන්නෙ ලෙඩෙක් කියලවත් වෙන තැනකට උස්සලා අරන් යන්න...


🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now