🎼 Chp 6️⃣9️⃣ 🎼

856 186 89
                                    

..
..
..

දවසක්......

මගෙ ලෝකෙම වෙන අත් දෙකක් උඩට බාර දීලා තවත් දවසක් විශේශයක් නැතුව සාමාන්‍ය විදිහට ගෙවිලා යනකොට...වැඩ ටික අමාරුවෙන් පැත්තකට කරලා මං වේලාසන ගෙදර ආවා...ටකාශිත් මොනවදෝ කන් කුන් ගාන ගමන් එන්න බෑ කියලා දැගලුවත්..බලෙන්ම වගේ ඒ බෙල්ලෙන් ඇඳන් ආවෙ මං ඇතුලට....


..අනේ මට බැ බොස්...

..බෑ කියන්නෙ මොකද ආ...මේ උබ ඉදලා නැති තැනක්ද...බඩේ අමාරුවකුත් කිව්ව නේද..ම්...තනියම අර ගුබ්බෑයම අස්සෙ ලැගලා ඉදලා අසනීපයක් උනොත් බලන්නෙ කවුද..මෙන්න මෙහෙ වරෙන් යන්න...



මගෙ වැලමිට ගාවට ඒ බෙල්ල හිර වෙද්දි...දෙකට නැවීගෙන වගේ හිටිය කොල්ලව බලෙන්ම ඇදගෙන මං වන්ග් හවුස් එක ඇතුලට ඇවිදන් ගියා.....මගෙ ඇගට හේත්තු වෙලා බෙල්ල ගලවගන්න දගලන ගමන් හිටුය ඒකගෙ මූන කරත්තෙට අහු උනු කජු ලෙල්ලක් වගේ වෙලා තියෙද්දි කවදාවත් නැතුව ඒකා හැදුවෙම මාව තල්ලු කරලා දාලා පැන ගන්න..


..මොකද ඕයි වෙලා තියෙන්නෙ..වරෙන් මොනා හරි කාලා යන්...

..බෑ බෑ බොස්..කන්න නම් බෑ...මං කාපුවා හොදටම ඇති...

..උබ කාපුවා දැන් දිරවලත් ඇති..බලනවකෝ බැදුම් සුවද දොරකඩටම එනවා....මොනාහරි කාලා පලයන්...

..අනේ අනේ මට බෑ....

..බෑ නෙවේ උබ කෑවෙ නැත්නම් බලෙන් හරි කට ඇරලා ඔබනවා ..වර යන්න බේසිකයා....

..අපෝ බොස්....



ඒකා මරලතෝනි තිබ්බා....සේවකයෙක්ට වඩා කොලේජ් යන කාලේ හොදම යාලුවා උනු සොන්ග් ජූන් එහෙම නැත්නම් ටකාශි බොස් කෑල්ල පැත්තකට දාලා මාත් එක්ක කට ගැහුවත්....බලෙන්ම මං ඌව ඇඳන් ආවා.....අද කන්න බැරි නම් මං මේකගේ කටට බත් ඇතිලියම හලලා හැන්දකින් උගුරට ඔබනවා...

..බොස් අපෝ මට ..

...පප්පා..............හ්හ්හ්...

...යෝ...චූටි බට්ටෝ....හ්....





මං ඒකව අතෑරියා...හැබැයි සාලෙනුත් ඇතුලට අරගෙන වෙද්දි යන්න බැරි වෙන්නම මං ඌව සෝෆා එකක් උඩට අතෑරියා....ටකාශියා කෑ ගැහුවා උනත් ඒ එක්කම ඇහුනේ මේ ලෝකේ වැඩියෙන්ම අහන්න කැමති කටහඩ වෙද්දි මගෙ මූන විස්තර කරගන්න අමාරු තරමේ හිනාවකින් පිරිලා ගියා..


🎼 S A Y    H I 🎼 ( Completed)Donde viven las historias. Descúbrelo ahora