🎼 Chp 2️⃣5️⃣ 🎼

1.1K 249 24
                                    


..

..

..

තවත් එක වැහිබර කාලගුනයක් තිබුනු දවසක්....කොයිමොහොතෙද කියන්න නොදැන අහස පුරාම කලු වලා බර වෙලා තිබුනේ වැස්සකට අත වනන ගමන්...පැහැබර කාලගුණය නතර වෙලා ගිහින් ,පාඩුවේ හමාගෙන ගිය හුලග ආයෙමත් වේලුනු මේපල් කොල අවුස්සන ගමන් දෙපැත්තට ඇදීගෙන යනකොට ජාන් අත් එකට පිරිමැදලා කම්මුල්වලින් තියාගත්තා....සීත කාලේ ලගයි...දැනටමත් හුගක් ගස්වල කොල හැලිලා අතු විතරයි ඉතුරු වෙලා...ඒ හැම ගහක් යටම වේලුනු කොල එකතු වෙලා හුලගත් එක්කම පාර දෙපැත්තෙන් ගහගෙන යන ගමන් තිබුනා....යාන්ත්මට උනත් ඇවිස්සුනු දූවිලිත් එක්ක තියන අඩියක් පාසා සපත්තුවට උඩින් වගේම සපත්තුව වැහිලා යන්නත් වේලුනු කොල එක දෙක පාවෙලා ආවා.....

..සරස් සරස්.......

වාහන සද්දෙ අස්සෙම පෑගෙන කොල පොඩි වෙන සද්දෙත් හීනියට කන් අස්සට රිංගද්දි ජාන් ආයෙමත් අත් දෙකට පිබලා කම්මුල්වලින් තියාගත්තා ...හවස් උනා විතරයි ..ඒත් තියෙන්නෙ පුදුම සීතලක්....ජාන්ගේ කිරි පාට කම්මුල් පවා තද රෝස පාටකට හැරිලා....ඒ කම්මුල් වලටත් වඩා පාට උනු දෙතොල් එකට හැපෙන දත් එක්කම වෙව්ලනවා.....සීතල හුලග දරාගන්න බැරිව ඒ ඇස් පිය පවා වේගෙන් එකට ගැහෙනවා.....ඉක්මනටම වහින්න ගනීවි...ඒත් ඊට කලින් සීතලටම වෙව්ලලා මිනිස්සු මැරිලා යයි....ගානක් නෑ වගේ වාහන වේගෙන් පාර දිගේ ඇදිලා යද්දි..ඒකෙන් ආව හුලගත් එක්කම දෙපැත්තෙන් ඇවිදන් ගිය මිනිස්සු තවත් පීඩාවට පත් උනාඅ...ඇදන් ඉන්න ඇදුම් පවා ඉහළට යන තරමට වෙලාවකට හුලං හමද්දි තවත් වෙලාවකට කන් දෙදුරුම් කන තරමට අහස ගුගුරන්න ගත්තා.....හරිම මූසල පාටයි....වැස්සක් වහින්න කලින් ඇතිවෙන වෙනස්වීම් වේදනාවෙන් හිත පුරවගත්ත තනි උනු මනුස්සයෙක්ට නම්.ඇත්තටම මූසල පාටයි....

...මට ඔයාව තුරුලු කරගන්න දුන්නා නම් ඔය තරම් සීතල නෑනේ....

එහා පැත්තෙන් ඇහුනු කටහඩත් එක්කම අත් දෙක කට ලගට ලන් කරගෙන හිටිය ජාන් රැවිල්ලක් පා කලා....

..මෝඩයෙක් නොවී ගෙදර හිටියා නම් ඔයාටත් සීතල නෑනෙ....

..ඇයි මං විතරක්...ශොපින් මෝල් එකෙන් නිවාඩු දීලා තියෙද්දිත් තැන් තැන්වල රිංගන්නෙ නැතුව හිටියා නම් කොහොමටවත් සීතල නෑනේ...

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now