🎼 Chp 1️⃣8️⃣ 🎼

1.2K 267 49
                                    

..

..

..




හැම තැනම සීතල වෙලා.....තවමත් ඒ තරම් හවස් වෙලා නොතිබුණත් වැහි අන්දකාරයක් එක්ක හැම තැනම සීතලක් එක්ක අඳුරු වෙලයි තිබුනේ...ඉක්මනටම වැහි කාලේ පටන් ගනී....හමාගෙන යන හුලග පවා රෝම කූප කෙලින් කරවන තරමට සීතලයි.....උදේට ඔලුව කරවෙන තරමට තියෙන අවුවෙ සැර දවල් වෙන්න ගන්නවත් එක්ක හොයන්නවත් නැති වෙලා ගිහින් මහ මුස්පේන්තු පෙනුමක් එක්ක වැහි අන්දකාරෙ පිරිලා තිබුනා....මිනිසුන්ටත් ඒක දැනිලා වගේ ඇවිදගෙන ගියේත් ළඟ ඉන්න කෙනා එක්ක කිසිම කතා බහක් නැතුව ....වැඩ ඇරියා , ඉස්කෝලෙ ඉවර වෙලා ගෙවල්වලට යන්න බලාගෙන ඉන්න අයගෙ පවා මූනු අමුතු වෙල තිබුනා..සමහරෙක් දෙන්නෙක් ෆෝන් එකටම මූන ඔබන් හිටියා උනත් හුගක් අයගෙ මූනු මැලවිලයි තිබුනේ....නවතින්න හිතන්නෙවත් නැතුව වේගෙන් ගිය වාහනවලට දූවිලි එක්කම පාර දෙපැත්තෙ වේලිලා වැටුනු මේපල් කොල හුලගට අහු වෙලා විසිරුනා හා සමානව මිනිස්සුන්ගෙත් මූනුවල හිනාවත් ගහගෙන ගිහින් තිබුනා.....

වැස්සකට ලගයි...මේ මොහෙතෙ නැතත් ඉක්මනටම වහින්න ගනී...වැස්සක් කියන්නෙ පොඩි දරුවන්ට විනෝද වෙන්න , හිනා වෙන්න වගේම කඩදහි බෝට්ටු අරින්න පුලුවන් දෙයක් උනත් වයසින් වැඩෙනවත් එක්කම වැඩිහිටියෝ වෙන එයාලට වැස්සත් එක්ක බැදුනු ජීවිතේ යතාර්තේ තේරෙන ගමන් තිබුනා...පොඩි දරුවො කැමතියි....වැඩිහිටියෝ අකමැති...ඒත් ඇයි ඒ.....ම්ම්..ලොකු කතාවක්....ඒත් කෙටියෙන් කියන්නම්....පාන්දරම ලෑස්ති වෙලා දවසෙන් බාගයක්ම ඔෆිස් එක ඇතුලේ මැරෙන මනුස්සයෝ කැමති නෑ තෙමෙන්න....තෙමිලා ඔලුවට පැටලුනු බර ගොන්නට තවත් බරක් එකතු කරගන්න කවුරුත් කැමති නෑ....ඒ වගේම අසනිප උනොත්....බෙහෙත් ගන්න...අසනීප කාලේ නිවාඩු ගන්න...හැමදේම තනියම කරගන්න...ජීවත් වෙන්න තියෙන පඩියෙන් දශමයක් හරි කපාගන්න මිනිස්සුන්ට සිද්ද වෙනවා....නෑ ඒක දශමෙකටත් වැඩී....ජීවත් වෙනවා කියන වචනේ කොච්චර සරල උනත් ඒ දේ කරනවා කියන එක හිතනවටත් වඩා.ගොඩක් අමාරුයි....වැස්සක් වහියි...හැමදේම තෙමලා දාලා පාඩුවෙ යන්න යයි....ඒත් මිනිස්සු ගානකගෙ ජීවිතේ වෙනස් කරලා දාලා....සමහර විට ලෙස්සන පාර නිසා අනතුරක්...එහෙමත් නැත්නම් උතුරපු ගං නිසා ගංවතුරක්.....ගහක් කඩන් වැටිලා පවර් කට් එකක් හෝ නොහිතන මොහොතක සුලු අතපසුවීමක් නිසා වෙන ආදරනීයෙක්ගේ වෙන්වීමක්....හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... වැස්සක් කියන්නෙ දකින්න ලස්සන දෙයක් උනත් විදින්න ලස්සන දෙයක් නෙවේ.....වැස්සකට පුලුවන් ජීවිතේම වෙනස් කරන්න කියන්නෙ විහිලුවකට නෙවේ.....ඇසි පිය ගහන සැනින් හැමදේම වෙනස් වෙලා යයි...හිතන්නත් කලින්.....සමහර විට පොදි.බැදගත්ත බලාපොරොත්තු එක්කම...ඒ නිසයි...... ඒ නිසයි මිනිස්සු වෙනස් වෙන කාලයගුනයත් එක්ක මේ තරම් වෙනස් වෙන්නේ...... ඒ නිසයි ඒ මූනුවල වෙහෙසකට වඩා දෙයක් හොයාගන්න නැත්තෙ.....





🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now