🎼 Chp 9️⃣5️⃣ 🎼(Last)

2.5K 263 92
                                    

..

..

..


Zhan' s P.O.V°°°°°




..චස්....චස්....


වතුර වැටෙන සද්දයක්.....ඒත් කොහෙන්ද......කොහොමද......

දැනෙන්නෙ ඔලුව උඩ ගල් ගෙඩියක් තියලා වගේ...ඒ හා සමානව ඇස් පිහාටු බරයි.....ඇස් අරින්න ඕන උනත්...ඒ ගැන හිතන්නවත් බැරි තරම්....ඇදගන්න හුස්මෙ පවා තිබුනෙම අමුතු පල් ගදක්..මඩ ගදක් විතරක් වෙද්දි.....ඒ අප්‍රසන්න ගඳ හුස්ම හිර කෙරෙව්වා...ඒ අතරමැදින් දැනුනු දූවිලි ගදත්....නාස් පුඩු කඩාගෙන යන්න යද්දි...හුස්ම ගන්න අමාරුයි කියන එක තදින්ම මගෙ පෙනහලුවලට දැනුනා...මට හුස්ම ගන්න ඕන...වෙන්නෙ මොනාද කියලා හිතාගන්න බැරි උනත් දැනෙන හිස රදෙන් බේරෙන්න මට හුස්ම ගන්න ඕන..ඒත් ඒකවත් මට කරගන්න බෑ..නහයට දැනුනු අප්‍රසන්න ගඳ දරාගන්න බැරිව මුවින් හුස්ම ගන්න ගිය මට දැනුනෙ මොකක් හරි දේකින් මගෙ කට බැදලා කියන්න.....තොල්වලට දැනුනු විදිහ අනුව ඒක ගනකම් ටේප් එකක් කියලා කියන්න....


අමාරුවෙන් මං ඔලුව දෙපැත්තට ගැසුවා...හීනයක්ද ඇත්තක්ද කියලා හිතාගන්න බැරි වෙන්න මාව කැරකෙන ගමන් තියෙද්දි...මං ඔලුව ගසලා හරි සිහියට එන්න උත්සහා කලා...මොනා උනාද කියන්න දන්නෙ නෑ...ඔලුව ඇරුනාම මට මගෙ බෙල්ලෙන් පහල දැනෙන්නෙ නෑ..මගෙ මනසත් එක්කම මොලෙත් අඩපන වෙලා වගේ...

ඇහිපිය රිදෙනවා...දැවිල්ලයි....හිතන තරම් ලේසි නෑ ඇස් අරින එක...ඒත් මං උත්සහා කලා...මොකද අන්තිම මොහොතෙ මගෙ මතකෙ ඉතුරු වෙලා තිබුනු සටහන් එක්ක...වේගෙන් මගෙ පැත්තට ආව වාහනේ චායාව එක්ක මේ වෙලා තියෙන්නෙ හොද දෙයක් නෙවේ කියන්න මට දැනුනා...වේගෙන් මගෙ පැත්තට ආව කාර් එක..මාව යට කරගෙනම යයි කියලා හිතුවත්....යීබෝ බය වෙලා කැ ගහන කටහඩ ඇහෙනවත් එක්කම මං ඔලුව බදාගෙන බිම වාඩි උනා...එච්චරයි ..මගෙ මතකෙ අන්තිම වෙනකම් තිබුනෙ එච්චරයි...වේගෙන් ගහපු බ්‍රේක් පාරක් එක්ක ටයර් එක පොලොවෙ තදින් ගැටුණු හඩත්....කාගෙදෝ බර සපත්තු අඩි සද්ද වගයක් එක්ක හැමදේම නෑහි යද්දි..මට මතක තිබුනෙ මගෙ ලෝකෙ කළුවර උනා කියන්න විතරයි...


🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now