🎼 Chp 8️⃣2️⃣ 🎼

911 175 31
                                    

..

..

..

..උබ එහෙනම් තාමත් ජිවත් වෙනවා.....










මාව පිටිපස්සට විසි උනා.....හිත තිබුනෙම...ඇස් තිබුනෙම මගෙ අම්මගෙ සොහොන් කොත උඩ වෙනකොට ඇහුනු කටහඩට පුළුවන් උනා මගෙ සිහිය සම්පූර්ණයෙන්ම මට නැති කරලා දාන්න..ඔලුව උස්සනවත් ඕන නැතිවම ඒ කවුද කියන එක කටහඩෙන්ම කියන්න පුළුවන් වෙනකොට වැටෙන්න ගියත් අමාරුවෙන් නොවැටී මං බෙල්ල උස්සලා බැලුවා.......



..ඩැඩී......




ඔව් ඒ මගෙ ඩැඩී....බලය වෙනුවෙන් මාව බිලි දිලා..හැමදේම වැරදීගෙන එනකොට මාව මරලා දාන්න හදපු මගෙ ඩැඩී....මගෙ දරුවගේ අප්පච්චි ගැන මගෙ ඔලුවට විස පුරවලා එයාවත් මරලා දාන තැනට පත් කරපු ඩැඩී..තවත් මං ඩැඩී කියලා කතා කරන එක ඇත්තටම සුදුසුද...තමන්ගෙම ලේ ගානක් නැතුව නැති කරලා දාන්න හැදුව මේ වගෙ නරුමයෙක්ට ඩැඩී කියන එක හරිද......මං ගැන කමක් නෑ.....මැරිලා ගියේ නැත්නම් ලේ සුවදවත් මැකුනේ නැති මගෙ කිරිකැටියව මරලා දානවා කියලා තර්ජනය කරපු එකම වටිනවද...




...චඃ චඃ....මං දැනන් හිටියා උබ ලෝකේ කොහේ හරි ජීවත් වෙනවා කියලා...ඒත්..මේ තරම් ඉක්මනට මං ඉස්සරහට එයි කියලා කීයටවත් බලාපොරොත්තු උනේ නෑ.....





එයාගේ කට කොනේ තිබුනේ අමුතුම හිනාවක්...සාක්කු දෙකටත් අත් දෙක දාගෙන සමච්චලේකට හිනාවෙන ගමන් එයා බෙල්ල ඇල කරන් බලන් ඉද්දි මං වාඩි වෙලා හිටිය තැනින් ශූ එක්කම නැගිට්ටා...නැගිටලා ඒ මූන දිහා කෙලින් බැලුවා...දැන් ආපහු හැරෙන්න බැ....දවසක මෙහෙම දේකට මූන දෙන්න් වෙන වග දැන දැනමයි මං මේ අවදානම ගත්තේ.....මාස්ටර් වන්ගෙ ඇස් වැහුවත් මාස්ටර් ජියැන්ගේ ඇස් වහන්න බැරි බව දැන දැනමයි මං හැංගුනු තැනින් එලියට ආවේ....මගෙ දරුවට මාව ඕන උනු නිසාමයි මරාගෙන මැරෙන්න බලාගෙන හරි මං මේ තරම් දුරක් ආවේ...ආයේ හැරෙනවා නම් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙනමයි......


..ඉතින් මිස්‍ටර් ජියැන්ග්..මොකද සතුටුද මං ජීවත් වෙන එකට....


එයාට දෙවෙනි නොවෙන්නම කට කොනක හිනාවක් එක්ක මං බෙල්ල ඇල කරන් අහද්දි...පෙනුනේ ඒ මූනේ ඇස් ගැස්සිලා යනවා කියලා.....

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now