🎼 Chp 0️⃣2️⃣ 🎼

2.1K 346 103
                                    

..

..

..





   අලුත් දවසක් අලුත් විදිහට උදා වෙලා තිබුනා....ආයෙමත් මිනිස්සු එයාලගේ කලබලකාරී ජීවිතේට අවතීර්ණ වෙලා තියනකොට බෙන්හායි පාර්ක් එක නිස්කලන්කව නිහඩව තිබුනා......හවස තුන වෙනකොට ලෙක් ඉවර වුනු නිසා කඩෙන් ගත්ත බන් එකක් කටේ ගහන්ම මං මං ෆුට් සයිකල් එකට නැග්ගා...කොලේජ් එකේ ඉදන් පාර්ක් එකට වැඩි දුරක් නැති වෙනකොට මං වේගෙන් නොයා හෙමීට යන්න පටන් ගත්තා...මං හෙමින් ගියා උනත් ළඟින් ගිය වාහනවලට නම් පුදුම ඇම්මක් තියෙනකොට උන්ට සාප කර කරම මං පාර්ක් එකපැත්තට ගියා....මින් හෝ ශොප් එකට ගියාද දන්නෙත් නෑ...නැත්නම් මේකා ඒක ඇරලා කොහෙහරි කෙල්ලෙක් පස්සෙන් යන්න ඇති....මිනිහා මල් කූඩයක් උඩින් කකුල් තියන් ගොරව ගොරව නිදිද දන්නෙත් නෑ...ඒ තරම් මිනිහා ඔය ඉන්නේ.... මං යන ටිකට මල් ටික ඉතුරු වෙලා තිබ්බොත් හොදටම ඇති.....


..බ්‍රාස්.....




  කලර් ලයිට් එකට දුර තියෙද්දිම එකපාරටම ඉස්සරහින් ගිය වාහනේ බ්‍රේක් ගහනකොට ඒකේ හැප්පෙන්නෙ නැතුව මූන පරිස්සම් කරගන්න මං පුදුම තරම් අමාරුවෙන් සයිකල් එක නතර කරගත්තා...පිටිපස්සෙන් ආව බයික් එකත් මොනවදෝ කරලා මගෙ අඩු ටික කඩන්නෙ නැතුව ඒක නතර කරගත්තා...පිටිපස්සට බෙල්ල කරකවලා බැලුව මං උනේ මොකක්ද කියලා බලන්න ඉස්සරහටත් එබුනා...ඇක්සිඩන්ට් එකක්ද මන්දා.....නවත්තලා තිබ්බ වාහන ඉවරයක් නැතුව හෝන් උඩ නැගන් දගලනකොට මාත් ආතල් එකට කියලා මගෙ සයිකලේ බෙල් එක ගැහුවා...හිහි....ඒත් ඉතින් ඒක අනිත් හෝන් සද්දවලට යටපත් වෙලා ගියා....වෙලා තියෙන්නෙ මොකක් උනත් මල් ටික ගැන හිත හිත හිටිය මට ඉක්මනට යන්න ඕන උනා....සේරටම වඩා මට ඒ මල් ටික වටිනවා...දැනටමත් අලුතෙන් මල් ගෙනත් ඇති..අර බුරුවා හරියට ටැබ්ලට් ටික දාලා මල් ටික හදලා නැත්නම් ආයෙමත් මල් ලෝඩ් එකක් අපතෙ යවන්න වෙනවා..... ශොප් එකේ අයිතිකාරයා උනාට මොකෝ ඌ මහ නාස්තිකාර ගල් මූසලයෙක්...ඒ හින්දම මං වාහන අස්සෙන් රින්ගලා ඉස්සරහට ගියේ යන්න විදිහක් තියෙනවද කියලා බලන්න......

  මං හිතුවත් ඇක්සිඩන්ට් එකක් කියලා...ඒක ඇක්සිඩන්ට් එකක් නෙවේ.....පාර මැද කලු පාට කාර් හතරක් විතර රවුමට නතර කරලා තිබ්බා...ඒක නිකම් හරියට මොනා හරි ආරක්ශා කරන්න වගේ..මං තවත් ටිකක් බෙල්ල දැම්මා....මේ පැත්තෙන් යන වාහනව යන්නත් නොදී එහා පැත්තෙන් එන වාහනවලට යන්නත් නොදී පාරවල් දෙකක්ම බොලොක් වෙන්න ඒ කාර් ටික නතර කරලා තිබ්බේ....ඒකත් මේ ගිනි මද්දහනේ...මොනාට මේ වෙලාවේ කල්ලි ගැහිලා වට වෙලා ඉන්නවද මන්දා....කාගෙ හරි කාර් එකක් කැඩිලා කියලා නම් හිතෙන්නෙ නෑ...ඒ කාර් සේරම එකම වගේ.....එකම පාට.
නතර කරලා තිබ්බෙත් කලින් කතා වෙලා වගේ රවුමක් වෙන්න...මං බෙල්ල දාලා තවත් එබිකම් කලා...කාර් ටික මැද ඉතුරු වෙලා තිබුනු ඉඩේ කාගේ හරි චායාවක් පේනවා...එක් කෙනෙක්ගෙ නෙවේ ගොඩ දෙනෙක්ගේ...ඒ හැමෝමත් පිටිපස්ස හරවලා කාත් එක්ක හරි කතාවක් වගේ පේන්නේ....ඒ මිනිස්සුත් ඇදන් ඉන්නෙ කලු..යකෝ කතා කරන්න ඕන නම් පාර්ක් එකකට පලයන්කෝ මෙතන අපිට වද දෙන්නෙ නැතිව..පුදුම මගුලක් උනානේ මේක.....








🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now