🎼 Chp 1️⃣1️⃣ 🎼

1.3K 272 40
                                    

..

..

..





..සීන් සීන්....





ස්පෝර්ට්ස් කිට් එක ඇගට ඇලෙන තරමට දාඩිය දාලා තියෙද්දි මං හිටියේ ශර්ට් එක ඉස්සරහට ඇදලා ඇතුලට හුලන් පිබින ගමන්....ඒත් එක්කම මට ටිකක් එහායින් හිටිය ස්පෝර්ට්ස ක්ලබ් එකේ හෙඩ්.. කතා කරද්දි මං බැට් එකත් උස්සන් ඒ පැත්තට දිව්වා.....

..ඇයි හෙඩ්..

..මං කතා කලේ කෙනෙක්ව අදුනලා දෙන්න....සීන් මේ ඉන්නෙ මිස්ටර් යොන්ග්...හෙරිටේජ් ක්ලබ් එකේ ඕනර්....එතකොට මිස්ටර් යොන්ග් නම් සීන් ගැන දන්නවා ඇතිනේ...

..නැතුව නැතුව ....මං මේ දවස් ටිකේම දැක්කනේ සීන්ගේ බැටින්...ආයෙ කියන්න වචන නෑ සුපර්බ්....


හෙඩ් එක්ක හිනාවෙන ගමන් යොන්ග්ද බොම්ද කියපු එකා කියද්දි හිනාවෙනවා වගේ මං විරිත්තුවා....හෙඩ් කියන්නෙ පනහ පැන්න , සාමාන්‍ය පෙනුම්ක් තිබ්බ කෙනෙක් වුනා...ඒ එක්කම බලද්දි ඊට එහා පැත්තෙන් හිටන් හිටිය යොන්ග්ට තිබ්බෙ පෑදුනු තට්ටයක් එක්ක කොයිවෙලේ බබා හම්බෙයිද කියන්න නොදන්න බඩක්.....දාගෙන හිටිය රවුම් කන්නඩි දෙක යටින් තිබුනු ඇස් හුගක් තියුණු වෙද්දි මං දැක්කා ඒ ඇස් මගෙ යටි පතුලෙ ඉදන් හිස් මුදුනට වෙනකම්ම යනවා....ඒ මිනිහට වැඩි ඕනකම තිබ්බෙ මගෙ මූන බලාගන්න වෙනකොට මං හෙල්මට් එක ගලවලා හිතා මතාම දාඩියට පෙගුනු කොන්ඩෙ ඇගිලිවලින් උඩට කලා...කෙස් අග රැදිලා තිබ්බ දාඩිය බින්දුවක් නාස් පොල්ල දිගේ බේරිලා ගිහින් තොල් මැදින් බෙල්ලටම ගලන් යද්දි මං දැක්කා මිනිහට කෙල පවා ගිලෙනවා.....ඒ ඇස් දාඩියට පෙගුනු මගෙ පපුව ළඟ නතර වෙලා කියන එක දැක දැකත් මං ගානක් නැතුව අත ඉස්සරහට දික් කලා...




..හායි මිස්ටර් යොන්ග්...

..හායි..නයිස් ටු මීට් යූ මිස්ටර් සීන්...

..සීන් කියලා විතරක් කියන්න....

..ඕහ්..එහෙනම් මට යොන්ග් කියල කියන්න...

..යාහ් ශුවර්...


ඕනාවට වඩා වචන ගානක් කතා කරලත් මිනිහා තාම මගෙ අල්ලගත්ත අත අතෑරලා තිබ්බෙ නෑ..දෙපාරක් හොල්ලලා අතාරින්න ඕන උනත් මිනිහා හිතුවටත් වඩා.තදට මගෙ අත මිරිකුවා......ඒ ඇගිලි මගෙ අත දිගේ උඩට ඇදිලා යනකොට අපහසුවක් දැනුනත් මං ඉවසුවා.....ඒ ඉවසීමම වැරදියට තේරුම් අරන් නාකි මනමාලයා මට ඇහැක් ගැහුවේ හෙඩ් අහක බලාගන්න ටිකට...මූන සමතලා වෙන්න ගහන්න ඕනකම තිබුණත් මං විරිත්තලා ඒක හංගගත්තා....


🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now