..
..
..
අතෙන් පහලට ලිස්සලා වැටුනු රෝස මල අහුලගන්නවත් මට ඕනකමක් තිබ්බෙ නෑ....අඩුම තරමෙ මේ තරම් වෙලා එල්ලි එල්ලි කතා කරපු එයා දිහා බලන්නවත් මට ඕනකමක් නෑ.....කෝල් එක කට් කරපු ෆෝන් එක අතට තද වෙන්න ගන්නකොට වචනයක්වත් නොකිය මං එයා ළඟින් එන්න ආවා...මේ තරම් වෙලා දැක්කෙ නෑ වගේ හිටිය යීබෝ යාන්ත්මට ඔලුව උස්සලා බලනවා ඇස් කොනෙන් දැක්කත් මට ඒක ගානක් ගියේ නෑ.....ඇස්වලින් ඇයි කියලා අහපු ටකාශිට හිනාවක් විතරක් දීලා මං මින් හෝ ලගට ආවා....ඇති යන්නම් ෆෝන් එක චාජරේට ගහලා නිසා ශොප් එකේ වැඩ ටික බලනවා....
..මින්හො..
..ඕ ජානෝ..
..මට යන්න වෙනවා..
..කොහෙද...
..ඇනෙක්ස් එකට..අවුලක් ගිහින්...
..අප්පට හුඩු...මාත් එන්නද....
..නෑ එපා මං ගිහින් ඉක්මනට බලලා එන්නම්.....
මින්හෝට ඉන්න කියලා මං පැත්තකට කරලා තිබ්බ සයිකල් එකට නැගලා පැඩල් එක කැරකෙව්වා....මගෙ සිහිය කොයි තරම්ද කියනව නම් සයිකල් එකේ ස්ටෑන්ඩ් එක ගහලා තිබ්බෙ කියන එකත් මට අමතක වෙලාම ගියා....මගෙ මෝඩකමටම බර දාලා පදින්න ගිය බයිසිකලේ මාත් එක්කම එක පැත්තකට වැටුණා.... වැටුනු පාරට පිටිපස්සෙ රෝදේ මගෙ කකුලක් උඩට තද වෙනකොට දැනුනු වේදනාවටම මගෙ ඇස්වලට කදුලු ඉනුවා..කොට කලිසමක් ඇදන් හිටිය මගෙ දනිස්සෙන් පහල තදට සයිකලේ ටයර් පාර හිටලා තිබුනේ රතු පාටට ඇදුනු හීරුම් පාරවල් දෙක තුනක් එක්කයි....මොන කරුමෙකටද මන්දා යට උනු කකුලෙ සපත්තුවත් රෝදෙටම අහු වෙලා තියෙද්දි යන්න තිබුනු හදිස්සිය නිසා සයිකලේ උනත් උස්සලා පොලොවෙ ගහන තරන් මට කේන්තියක් දැනුනා....පාර්ක් එකේ දෙතුන් දෙනෙක් හැරිලා බැලුවා උනත් ගානක් නොගෙන මං සයිකලේ තල්ලු කරන්ම නැගිට්ටා.....කකුලෙ රතු උනු ටයර් පාර තදට පේනකොට ඒක ගානක් නොගෙන මං රෝදෙට අහු උනු සපත්තුව් ඇද්දා...මගෙ ඇදිල්ලෙ වේගෙටම සපත්තුවේ බාගයක්ම ගැලවිලා අතට ආවේ මට තවත් තරහා යද්දි.....එනවා කියලා කිව්වෙ විනාඩි දහයෙන්..දැනටමත් විනාඩි තුනක් ගෙවිලා තිබුනා...මේ වෙලාවෙ හැටියට මට මං තාමත් ඉන්නෙ පාර්ක් එකේ ශොප් එකට එහායින් කියන එකත් අමතකම වෙලාම ගියා.....ඉරුනු සපත්තුවයි අනිත් සපත්තුවයි ගලවලා ශොප් එක ගාව දැම්ම මං තුවාල කකුල පිටින්ම මගෙ ඇනෙක්ස් එක පැත්තට ගියා.....හදිසි පනිවිඩයකට යන්න ලෑස්ති වෙලා ඉන්නකොට මොනා හරි වෙලා බාධා වෙන තරම් හිත හොල්ලන තවත් දෙයක් නෑ....හිතේ තිබ්බ බයටයි කැලබීමයි නිසාම විනාඩි දහයෙන් යන්න ඕන මං විනාඩි පහෙන්ම එතනට ගියා....මූනෙන් පෙන්නුවෙ නැති උනත් මං හිත ඇතුලෙන් ගොඩක් බය වෙලා තිබ්බා..වේදනා දුන්නු කකුලවත් ගානක් නැතුව ගේට් එක ගාවම පැත්තකට විසි කරපු සයිකලේ දිහා නොබලම මං වත්ත ඇතුලට දිව්වා....හිතුවා හරි....මං.බය උනා වගේම ෆෙයි ආන්ටි දොරකඩ ගාවට වෙලා අත් දෙකත් බැදන් බලන් හිටියා.....ඒ මූනෙ හැමදාමත් වගේ නපුරුකම විතරක් පිරිලා තියෙද්දි ගනන් නොගෙන ඉන්න හැදුවත් ෆෙයි ආන්ටිගෙ කකුල් දෙක ගාව තිබ්බ බෑග්ස් ටික දැක්ක ගමන් හීන් දාඩිය දන තරම් හිත ඇතුලෙන් මාව වෙව්ලන්න ගත්තා...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....