....
..
කාලෙකට පස්සේ......
දිග කාලෙකට පස්සෙ වේලිලා දූවිලි සුවද විතරක් ගහපු පොළොවට වැහි පොදක් වැටෙන්න ගද්දි ...නහය කාරගෙන යන දූවිලි සුදවත් එක්කම මං බර හුස්මක් ඇදලා ගත්තා......වේගෙන් නැති උනත් යාන්තමට වැටෙන වැහි පොද එක්ක මීදුමක් ගානට දූවිලි ඇවිස්සිලා යද්දි...ඒ හා සමානව හමාගෙන ගිය හුලගත් එක්ක සීතලකට වඩා අමුතුම හැගීමක් හිතට දැනෙන්න ගත්තා.....වැස්සක් වෙලාවට ගුලි වෙලා නිදාගන්න හරි...කෝපි කෝප්පයක් එක්ක පොතක් කියන්න හරි ඕන වගේ හැගීමක් දැනෙනවා වගේම...ඒ වෙලාවෙ මටත් ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවට වඩා දෙයක් ඕන කියන හැඟීම දැනුනා....
අනේ මට තුරුලු වෙන්න තිබුනා නම්....
ඉස්සර වගේම...ආයෙත්...ඒ පපුවට තුරුලු වෙලා වැස්ස දිහා බලන් ඉන්න තිබුනා නම්....එයා එක්ක විකාර කතා ගොඩක් කියන ගමන්...චූටි චූටි හාදු එක්ක පැය ගනන් ඒ අත් අස්සෙ හිර වෙලා ඉන්න තිබුනා නම්......
හ්ම්ම්.....
බර හුස්මක් ඇදලා අරන් මං සාක්කුවලට අත් ඔබාගත්තා.....කම්මුල් තෙමාගෙන පහලට කදුලු වැල් පල්ලම් බැස්සෙ නැති උනත් යාන්තමට ඇස්වල බැදිලා තිබුනු කදුලු පටලේ එක්ක මං වෙගෙන් ඇහි පිය ගැහුවා...හුලගත් එක්ක දූවිල්ලත් ගහගෙන එද්දි..ඇස් තව තව බර වෙන නිසාම මං ජනේලේ වහලා දාලා පැත්තකට උනා...
ඔයාම අයිතිය කියනකම් මට ඔයා ගැන අයිතියක් නෑ යිබෝ....හැමදේම වරද්දගත්තේ මං...ලස්සනට ජීවත් වෙන්න තිබුනු අපේ පවුල මෝඩයෙක් වගෙ කඩලා දැම්මෙත් මං ...අනිත් වැරදිකාරයන්ගේ ගොඩටම යීබෝවත් දාලා එයාගෙන් පලිගන්න හිතන මෝඩකම කලෙත් මන්......මට ආදරේ කරපු එයාව වෙනුවෙට මාව වැදුව කෙනාව විස්වාස කරලා පොඩි දරුවෙක්ව අනාත කලෙත් මං...ඉතින් මේ විදිහට තනිවෙලා මතක අස්සෙ හිර වෙලා මං විදින වේදනාව ඕනාවටත් වඩා සාදාරනයි ....
..මම්මා....
..ආ..හ්....
ජනේලේ ගාවින් අයින් උනු මාව ගැස්සිලා ගියා....සෙල්ලම් බඩු ගොඩක් අස්සෙන් කිරි බෝතලේකිත් දීලා තියලා ආව බට්ටා මටත් හොරා මං ගාවටම ඇවිත් තියෙද්දි ගැස්සිලා ඇස් ලොකු කරපු මං ඊලග තප්පරේ හිනා උනා...එයා දනගාගෙනම ඇවිදින් එක අතක් උස්සලා මගෙ කලිසමෙන් අදිද්දි ඒ චූටි අතකට හාද්දක් දීලා මං එයාව වඩාගත්තා....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....