....
..
ඉතින් තවත් මොනවා කියන්නද........
බරම බර හුස්මක් වාතලයට පිටවෙනකොට..ඒ හුස්මේ බරටදෝ කොහෙදෝ මගෙ දරුවා කෙදිරි ගාගෙනම අනිත් පැත්තට හැරුනා....මේ තරම් වෙලා තදින් අල්ලන් හිටිය ඇගිල්ල ඒ එක්කම මිදිලා යනකොට ඒක හොඳින්ම දැනුනත් නොදැනුනු ගානට මං යීබෝ දිහා බැලුවා...මතටම පියවීගෙන යන ඇස් තවමත් තිබුනේ බැල්කනි එක දිහාවට වෙද්දි ඒ කියපු වචනයක් පාසා ආයෙම ආයෙම වතාවක් මගෙ කන් ඇතුලේ දෝංකාර දුන්නා....
""ආයෙම ආවොත්...ආපහු යන්න දෙන්නේ නෑ.....""
ඇත්තටම ඒක එහෙමයි නේද..සමාව නුදුන්නත් ඔයා මට යන්න දෙන්නෙ නෑ නේද.....මන් ඇහුවේ ඇස් කෙවෙනිවලටවත් දරාගන්න බැරිව ගලාගෙන ගිය කදුලු බිදුවකින්මයි...උත්තරයක් නොදීම..එයත් කම්මුල් තෙමාගෙන පහලට ඇද වැටෙද්දි කිටි කිටියට මිටි මෙලවුනු ඇගිලි නිදහස් කරගෙන ඇද උඩින් මං නැගිට්ටා.....අදුරෙ ගිලිලා තිබුනු කාමරේ ඉතුරි උනු එකම ආලෝකය උනු ටේබල් ලෑම්ප් එකේ එළියෙන් චූටි චන්ඩියා දිහාවට බැල්මක් පා කරගෙන මන් නැගිට්ටා....
..යීබෝ...
මටත් හොරා මගෙ දෙතොල් එයාගෙ නම මිමිනුවා....ඒත් ඒක අහන්නවත් එයාට පියවි සිහිය තිබුනේ නැතිකොට මං මාවම වසන් කරන මාස්ක් එක ගලවලා දාලා එයාගේ ලගට පියවර මැන්නා....
හේතුව දන්නෙ නෑ...ඒත් එයා හිටියෙම.මොකක් දෙයක් නිසා කරදරෙන්...එහෙම නැත්නම් වේදනාවෙන්...ඒ නිසාම කාලෙකට පස්සෙ එයාගේ පියවි සිහිය නැති කරන්න හිස් උනු වීදුරුවලට පුළුවන් වෙනකොට මොනවදෝ මුමුනන ගමන් එයා සොෆාවේ දිගෑදිලා බැල්කනිය දිහාම බලන් හිටියා.....
...ජ්..ජා....න්න්.......
එක තප්පරේකට මගෙ හදවත පුරා හිරියක් ඇදිලා ගියා.....සිහියෙන් ඉද්දි නොකියන නම එයා අවසිහියෙන්ම මුමුනද්දි මගෙ හදවත වේදනා දුන්නා..එයාට මත් වෙන්න හෙතුව මගෙම පරන...ඒත් වේදනාත්මක මතකයන් කියලා තේරුම් යද්දි....අවසරයක් නැතිවම මං එයාගේ එහා පැත්තෙන් සෝෆා එකට බර උනා.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....