..
..
..
යීබෝගේ ගෙදර....ම්ම්...ගෙයක් කිව්වට ඒක මන්දිරයක් වගේ...මහ විසාලයි.....තට්ටු දෙකක උනාට ලොකු ඉඩක පැතිරිලා තිබ්බා...මිනිස්සු බරගානකට ජීවත් වෙන්න පුලුවන් හොටෙල් එකක් වගේ...සම්පූර්ණයෙන්ම හදලා තිබ්බෙ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයෙන්.....මේ මිනිහට ඒ වගෙ රසයක් ඇති කියලා නම් මං හිතුවෙ නෑ...ඒ මොනා උනත් හොදට හිතලා බලලා තෝරලා බේරලා තමා මේක හදලා තියෙන්නෙ.....
මාව කරට තියාගත්ත එයා මං කැ ගහද්දිම උස්සන් එක්කන් ගියේ පහල තට්ටුවේ කාමරේකට...ඔව් ඉතින් මාව උස්සන් පඩි නගින්න මේ ඉන්නෙ හල්ක් යෑ......උස්සන් ඇවිත් පරිස්සමට තිබ්බා නම් කමකුත් නෑ..මේකා කලේ පලිගන්න වගේ මාව බම්ප් වෙන ඇදට අතෑරපු එක..... දෙතුන් පාරක් මොකෙක්ද වගේ මාව බම්ප් වෙද්දි මං කැ ගහන්නත් කලින් ඒකා කොහෙන්දෝ ගත්‍ත ඇදුමක් මගෙ මූනට දමලා ගැහුවා...
.
...නාගන්නවා...තමුසෙ ගාව හඩු ගදයි...
..ආ...හ් මොකක් කිව්වා....
එකා නහයත් අකුලන් කියද්දි මං ඇදෙන් නැගිටලා කෑ ගැහුවා...දන්නවා ඉතින් මං හඩු ගදයි තමා කියලා..උදේ ඉදන් දාඩිය පිටින් රවුම් ගහන එකනේ...ඒත් එහෙමයි කියලා ඒක මූනටම කියන්න ඕන..ඒ වගේ මූනටම කියන්න පුලුවන් ද...
..නහය තියන් ඉන්න බෑ .යනවා ඇතුලට...
..ඉන්න බැරි නම් මාව මොකටද උස්සන් ආවෙ මිනිහො ආහ්....ආව දිහාටම මාව.ගිහින් දානවා...
..හහ්...ඇයි පාඩුවේ ඉන්න කෙල්ලන්ව අවුස්සලා කෙහෙවලු පටලගන්නද....
මගෙ කට නිකන්ම වැහිලා ගියා..මේකා කොහොමද ඒක දන්නෙ...දැක්කා වෙන්න බෑනේ....මගෙ කටින් ඇත්ත අල්ලගන්නවත් බොරු හදලා කියනවද....
..මට ගෙදර යන්න ඕන....
මං අතේ ඇගිලි එකට පටලන් බිදුනු කටහඩකින් කියද්දි ඇහුණා එයා බර හුස්මක් අතාරිනවා....
..මීට පස්සෙ මේක තමා තමුන්ගෙ ගෙදර..
..ඇ..ඇයි ඒ....මට ගෙයක් තියෙ..න්නේ..
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....