..ඒ හින්දම මං මටඑහායින් තිබුනු රන්ඩුව දැක්කෙ නෑ...ටකාශි එහාට පෙරලිලා යනවා දැක්කෙ නෑ.....ටකාශිගෙන් ඉයන් හෝ ගන් එක උදුර ගන්නවා දැක්කෙ නෑ..අඩුම ගානේ ගන් එක ලෝක් කරන සද්දෙවත් මට ඇහුනේ නෑ.....
ඇහුණා නම් ඇහුනෙ එකම එක හඩක් විතරක්ම උනා........
..ඩෝංංංංංංං........
...ආ.....හ්හ්හ්හ්හ්..........
....ජා....න්න්න්න්න්න්න්න්න්.....හ්.....
...ඩෝ ංංංංංංංංංංං.......හ්..
............................................
...................................
........................
................
............
.......
....
..
.Yibo ' s P..O.V°°°°°°°°°°°°°°°
.
...මගෙ වස්තුව.....
ඒ වචන ඇහෙන නෑහෙන ගානට මගෙන් පිට උනේ හැමදේම එකම එක තප්පරේකින් නැතු වෙල ගියා වගේ හැගීමක් දැනෙන්න ගන්නකොට......
ඉහළට ඇදගත්ත හුස්ම පහලට වැටෙන්නත් කලින් ඉයන් සදහටම හුස්ම අත ඇරලා බිමට කඩන් වැටුනා.....උගෙ ඇස් තවමත් ඇරිල....ලේ නහර පෑදිලා කහ පාට උනු ඇස්වල වියරුවක් කේන්තියක් විතරක්ම ඉතුරු වෙලා සිවිලිම දිහාවට හැරිලා තිබ්බා...නලල මැදටම වැඩුණු වෙඩිල්ලත් එක්ක නාස් පොල්ල දිගේ ගලාගෙන ගිය ලේ බින්දු.බිමට කඩාගෙන වැටුනේ ගල් වෙලා හිටිය ටකාශි ගැස්සිලා වගේ හරි සිහියට එනවත් එක්කම....ඌ බය වෙලා වගේ අහකට පැන්නා.....කලබලෙන් දෙතුන් පාරක් මගෙ දිහාත් ඌ දිහාත් බලලා දිව්වෙ කොරිඩෝව පැත්තට...මොකද ඇහුනු සද්දෙත් එක්ක වැඩ කරන මිනිස්සු ඉක්මනටම මෙතනට එයි....
ඒත් මට වැඩක් නෑ....වැඩ කරන උන් නෙවේ මොකා මේ වෙලාවෙ ආවත් මට වැඩත් නෑ....ම්ට වැදගත් වෙන්නෙ...වටින්නේ එකම එක දෙයක් විතරයි ...
ඒ එයා....
නොදැනීම අතේ ගුලි උනු පිස්ටල් එක බිමට වැටෙනකොට ඒ දිහාවත් නොබලපු මගෙ කකුල් දෙක එයා දිහාට ඇදුනා.....එක තප්පරෙන්ම මට මාවම.නැති කරලා දාපු මගෙ කොල්ලො දෙන්නා ගාවට......නැ මං දිව්වා......අතරමැදිව තිබ්බේ මීටර් පනහක වගේ පොඩි දුරක් උනත්...ඒක මහ ගව්වක් වගේ දැනෙන්න ගද්දි වෙව්ලන්න.අරන් තිබුනු කකුල්වලට සාප කරන ගමන් මං දිව්වා......
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....