🎼 Chp 0️⃣4️⃣ 🎼

1.6K 320 54
                                    

..

..

..




..රෝස මලේ නටුවෙ කටූ........




   මම ඒක තාලෙටම ඇදලා පැදලා කියන්න ගත්තා..හරියට පොඩි බබාලා සින්දුව කියනවා වගේම... ඉතුරු පදේ වෙනුවට ඊලගට ඇහුනේ එයාගේ කටින් පිට උනු කෑ ගැහිල්ලක් වෙනකොට මං මුකුත්ම ද්න්නෙ නෑ වගේ උඩ බලාගෙන විසිල් එකක් ගහන්න ගත්තා.. හුහ්...එයාට විතරක් නෙවේ මටත් තරහා යනවනේ ඉතින් ...මාත් මනුස්සයෙක්නේ...ඉවසලා ඉවසල බැරිම තැන තමා මාත් එහම කලේ...මල් පහක්ම කටු අයින් කරලා ගෙනාවට පිලිගත්තෙ නැති කොට හය වෙනි මල මං කටු පිටින්ම දුන්නා....දුන්නා නෙවේ දමලා ගැහුවා....එයා ඇදන් හිටියෙත් ජොගින් කරන්න අදින ට්‍රැක් කිට් එකක්....ජිම් යන්න බලන්ද කොහෙදො අද පාර්ක් ඇවිත් තියෙන්නේ...ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නෑ...ආව තරහටම මට අතට අහු උනේ එතන විතරයි කෙලින්ම එබුවා.....ඕන නම් සූට්ටක් විතර හීරෙන්න ඇති....කමක් නෑ ..ඕකෙන්වත් වෙන ගෑනු ලගට යන්න කලින් දරුවගේ තාත්තට දරුවගෙ අම්මව මතක් වෙන්නෙ නැතැයි  ..


..ආ...හ්...වූ ..උබට මම....


  යීබෝ දෙකට නැවීගෙන බඩත් අල්ලත් මං ඔබපු රෝස මල එලියට ඇදල ගත්තා.....ගිනි පිට වෙන ඇස්වලින් රෝස මල බිම දාලා සපත්තුවෙන් පාගලා පොඩි කරලා දැම්ම එයා මං දිහා බැලුවෙ හරියට මං උබටත් කරන්නෙ ඕකම තමා කියන්න වගේ....විහිලුව දුර දිග ගියා වැඩී කියලා තේරෙන්න එයා ඉන පිටිපස්සෙ තියන් හිටිය පිස්තෝලේ ඇදලා එලියට ගන්නකොට මං නිකන්ම පිටිපස්සට පැන්නා......මං දැනන් හිටියා දවසක මං මටම කෙලවගන්නවා කියලා කියන්න....ඒත් ඉතින් මේ තරම් ඉක්මනට .....ම්හුක්....



...හේ..හේ...රෝස මලේ නටුවෙ කටු නේද....

  මං මෝඩ හිනාවක් දාන් පිටිපස්සට අඩිය තියලා දුවන්න ලෑස්ති වෙනකොට එයා ගන් එක ලෝඩ් කරලා ඉස්සරහට දික් කලා....

..ඔහොම නැවතියන් මගෙන් මැරුම් නොකා....

..ඊට වඩා ලස්සන නැද්ද වන බමරෝ ඔහොම හිටූ කියලා කිව්ව නම්....

..තඩ් . .හ්හ්....

   මාලුවා වගේම මාත් කවදා හරි නැහෙන්නෙ කට නිසාම තමා..  මුලටම කෙලවිලා තියෙද්දිත් මං කලේ මෝඩයා වගේ තව තවත් එයාව ඇවිස්සුව එක...මගෙ ගොන්කම්වලට පින් සිද්ද වෙන්න එයා අඩිය දෙකට පැනලා ඇවිත් මගෙ වම් අත පිටිපස්සට අබරලා හිස් මුදුනට ගන් එක තිබ්බා...තිබ්බා නෙවේ හිල් වෙන තරම් තද කලා....

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now