..
..
..
..යකෝ මුන්ට ලයිසන් දුන්නේ අද ගොළු බීරි පාසලක එකෙක්ද කොහෙදෝ..හරියට පාරකවත් යන්න දන්නෙ නෑ......
මං කෑ ගහගෙනම නැගිට්ටා.....ගෝඨා මදිවට රනිල් කියන්නම වැටුනු පාරට රෝදෙට සීරුනු කකුලෙ ලෙල්ලක් එක්ක බඩත් කොර වෙලා ගිහින් තිබුනා...බඩටත් අතක් තියාගෙනම නැගිට්ට මං අනිත් වාහන එන්න කලින් ඉක්මනට සයිකල් එක පැත්තකට කරගත්තා....මාව හප්පලා ගිය එකාට ආපහු හැරිලා උනේ මොකක්ද කියලා බලන්නවත් ගානක් තිබ්බෙ නෑ...හැප්පුවා ගියා...ඔච්චරයි....අනේ ඉතින් මට මුන් ගැන එන තරහක්...අනේ අනේ ඔය රෝද හතරෙම හුලන් පලයන්...එක්ස්ට්‍රා රෝදෙත් හුලන් පලයන්....හුලන් ගහන්න කියලා බහින එකාට බඩම පලයන්...ඌව බලන්න එන එකාගේ කකුලේ ඇනයක්ම ඇනීයන්.......මට මේ කරපු අපරාදෙට වාහනේ අරන් යන එකාට ටිලින් ටිලින් බෙලහීනතාවය වරෙන්.......ඒස්වා..හ්..පුහ්.....
වාහන ටික හොයාගන්නවත් නැති පාරටත් ගස්සගෙනම මං දූවිලි පිහලා බෑග් ටික එල්ලන් ආයෙම සයිකලේට නැග්ගා...මුන්ගෙ තිරිසන්කමට මට කියලා තිබ්බ එකම දේත් පැත්තක් හීරිලා ගිහින්....අනේ ඔය එක වාහනේක හරි නින්ජා කට් එකක් වදින්නෙ නැනේ...සේරම වෙන්නෙ මේ අසරණ කොල්ලටම තමා ...ඔය සේරම තියෙන උන්ට මොනවත් නෑ.....මටමයි හැම මගුලම වෙන්නෙත්...ම්හුක්...මටත් දැන් සසර කල කිරීගෙන වගේ එන්නෙ...බනක් බාවනාවක් කරන්න හිමාලෙට පැන ගන්න කාලේ හරි වගේ....ඒ උනාට ඉතින් එහෙ මල් පිපෙනවද දන්නෙ නෑනේ...මට මල් නැතුව ඉන්නත් බෑ...එහෙම එකේ යන දිහාවක මල් තියෙනවද කියලා බලලම තමා යන්න ඕන ...
යන්න තැනක් නැතුව ඔහේ පැදන් යන්න හිතන් හිටිය මට අන්තිමට තුවාලවලට බෙහෙත් දාගන්න යන්න සිද්ද උනා....ඩොක්ටර් කෙනෙක් ගාවට ගියොත් ලොකු ලොකු බෙහෙත් ලියලා දෙයි කියලා බයටම මං උන ගන්නෙ නැති වෙන්න කියලා බෙහෙත් පෙත්තක් ගහන්න ෆාමසිය පැත්තට ගියා....කොහොමත් දැනට මගෙ අතේ වැඩිය ගානක් නෑ..ආයෙ ඉන්න තැනක් හොයාගන්නකම් මේ ටික පරිස්සම් කරන්න වෙනවා.....හොදම දේ තමා ඉතින් ඔය පිරිටන් එකක් ගහන එක....
මං එහෙම හිතාගෙන අමාරුවෙන් උනත් සයිකලේ පැදන් ඉස්සරහට ගියා...ඒත් මට වැඩි දුරක් යන්න හම්බුන්නෑ මං දැක්කෙ මට ඉස්සරහින් නතර කරලා තියෙන කලු පාට වාහනයක්...ඒක තිබුනේ පාර අය්නෙන් නවත්තලා වෙනකොට මං හෙමීට එතනට ලන් උනා...ඒ වන්ඩියත් මාව හප්පලා දාලා ගිය වන්ඩිය වගේමයි....ඔව් ඔව්...මේ ඒකම තමා..මට හොදට මතකයි....නවත්තලා තිබ්බ වාහනෙන් එලියට මිනිස්සු වගේකුත් බැහැලා හිටියා....ඒකත් කළු ඇදගත්ත උන්..නිකම් දැකලා පුරුදුයි පුරුදුයි වගේ හිතෙන්න ගද්දි මං යන්න ගිය ගමනත් පැත්තකට දාලා එතනට මූන දැම්මා......
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....