🎼 Chp 1️⃣9️⃣ 🎼

1.2K 256 42
                                    



..

..

..

එක්සෑම් එක ඉවර උනු නිසා යුනි එකෙනුත් සති තුනක විතර නිවාඩුවක් ලැබිලා තියෙද්දි මං කලේ පස්සට එලිය වැටෙනකම් නිදාගත්ත එක....මින් හෝ කීප සැරයක් ඇවිත් නැගිටපන් කියලා කිව්වත් ගනන් නොගත්ත මං තව තව ශීට් එක අස්සටම ගුලි උනා....අදට දවස් දෙකක්....පාර්ක්වත් නොයා මං මේ ගේ අස්සෙම පැල පදියන් වෙලා ඉන්නවා...මට යන්න ඕනකමකුත් නෑ වගේම මින්හෝගේ ලොකුවට බල කිරිල්ලකුත් නෑ....සීතල වැඩි වෙනවත් එක්කම මල් අඩු වෙන්න පටන් ගන්න නිසා අපි දෙන්නටම ශොප් එකට යන්න කම්මැලි හිතුනා...කම්මැලිකම කියලා කියනවටත් වඩා මට එයා ඉස්සරහට යන්න ඕන උනේ නෑ...ඒ මූන දකින්නවත් ඒ කට හඩ අහන්නවත් මට ඕනකමක් තිබුනේ නෑ... අඩුම ගානේ ටකාශිගේවත්....මොන හේතුවකට උනත් පුලුවන් තරම් මං ඒ දෙන්නව මග ඇරියා...මහ රෑ නිවනක් නැතුව ගේට් එක ගාවින් කා එකක හෝර්න් වැදුනත් , ඕෆ් කරලා දාපු ෆෝන් එක වෙනුවට ලෑන් ලයින් එක කෑ ගහන්න ගත්තත් මං හැසිරුනේ මම ගෙදර නැති ගානට...කටේ බලේට මින් හෝ උනත් අන්තිමට කැමති උනා මං ඉන්නවා කියන එක අගවන්නෙ නැතුව ඉන්න....ටකාශි උනත් කිප පාරක් ඇවිත් මාව බලලා ගියත් මං ගෙදර නෑ කියලා මින්හෝ ටකාශිව යැවුවා....ම්ම්...ඒත් තවත් ගේ ඇතුලට වෙලා ඉන්න බැරිම තැන ඇද රෙද්දටත් පයින් ගහන් මං නැගිට්ටා...හැංගිලා ඉන්න එක විසදුමක් නෙවේනේ...අනික වැරැද්දක් කලා වගේ මං හැංගෙන්නෙ ඇයි.... වැරැද්දක් කරලා තිබ්බත් ඒ බූරු ටකාශියට බෑ මට මොනවත් කරන්න....



..ජා...නෝ....ව්ව්ව්...මේ අන්තිම පාර...නැගිටපන් ආ..හ්හ්....

..ම්..හ්ක්..හරි බන් නැගිට්ටා ..හ් ...

..එහෙනම් හො..දයි...අදවත් යනවද...පපා අලුතෙන් මල් ටිකක් ගෙනත් දෙන්නම් කිව්වා....මෙහෙ නැති උනාට වෙන පළාත්වල රෝස මල් තියෙනවනේ..

..හ්ම්..

..මොකද උබ හ්ම් ගාන්නෙ ආ..හ්...මගෙ දවසත් කන්නෙ නැතුව උදේම යන්න ලෑස්ති වෙයම්...වේලාසන වැඩ පටන් ගමු...

..හා බන්...හා...


උගෙන් බේරීමක් නැති තැන මං යන්න කියලා නැගිට්ටා...යීබෝ එන්නෙ හවසටනේ...මං උදේ ගිහින් හවස ගෙදර එනවා....නෑ ගෙදර ඇවිත් හරියන්නෙ නෑ...ශොප් එකෙන් විතරක් මට ජීවත් වෙන්න මදිනේ...තව මොනා හරි දෙයක් කරන්න ඕන...යාලුවා උනත්..වචනයක්වත් නොකිව්වත් හැමදාම මින් හෝට බරක් වෙන්න පුලුවන් ද....ග්‍රැජුවේට් වෙලා හරියන ජොබ් එකක් ලැබෙනකම් මං කොහොමහරි ජීවත් වෙන්න ඕනනේ....දවසක මගෙ මැනේජ්මන්ට් ඩිග්‍රියට හරි යන තැනකින් ඉන්ටවිව් කතා කලොත් එතනට ඇදන් යන්නත් හොද ඇඳුමක් තියෙන්න ඕන...ජොබ් එක හම්බෙල පලවෙනි සැලරිය අතට ලැබෙනකම් අදින්න ඇදුම් ගන්නත් අතේ සතේ තියෙන්න ඕන..ලේසි නෑ ජීවත් වෙන එකත්....ශොප් එකෙන්.ලැබෙන ගාන කොහොමත් මදි... කල් තියා ශොපින් මෝල් එකකට කතා කරලා බැලුවා...බලමු...එයාලා මොනා හරි කිව්වොත් අද ඉදන් හරි යනවා....



🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now