🎼 Chp 6️⃣6️⃣ 🎼

844 180 50
                                    

..

..

..

Yibo ' s P.O.V°°°°°



පිරිමියෙක් එයි කියලා බලාපොරොත්තු වෙන්න බැරි ඉන්ටර්විව් එකකට ඇවිත් තිබුනු ඒ ආගන්තුක ඒත් හුරුපුරුදු රූපේ දිහා බලන ගමන් මං එක ඇහිබැමක් උඩ යැවුවා....

..නැනීලගේ ඉන්ටර්විව් එක...?...හොදටම විස්වාසද හරිම තැනට ආවෙ කියලා...

මං එහෙම අහනවත් එක්කම ඉර එලියට දිලෙසෙන කණ්ණාඩිය නිසා හරියට නොපෙනුනත් මං දැක්කා ඒ ඇස් කැරකිලා ඇවිත් මගෙ යීහන් ළඟ නතර වෙනවා..මට තුරුලු වෙලා මගෙ උරේකට ඔලුව තියන් ඇබිත්‍තන් කට ඇරගෙන නිදාගෙන ඉන්න මගෙ යීහන් ලගත් එයාව නිදිකරගන්න පස්සට තට්ටු දාන ගමන් තිබුනු මගෙ අත ලගත් උත්තර දෙන්න කලින් ඒ ඇස් නතර උනා ....

..හොදටම විස්වාසයි සර් ..මං ආවේ සර්ගේ දරුවට නැනී කෙනෙක් තෝරන ඉන්ටර්විව් එකටම තමා...මේ තියෙන්නෙ මගෙ සෙටිෆිකෙට්ස් එක්ක ඩීටෙයිල්ස්...

..හ්ම්....

කිසිම තැනක පැටලෙන්නෙ නැතුව කෙලින් කතා කරපු කොල්ලා සීට් එකෙන් ඉස්සරහට නැවිලා ෆයිල් එකක් දික් කරද්දි මොනවත් නොකියා මං ඒක අතට ගත්තා....කොල පාට ෆයිල් එක ඇතුලෙන් මොනවදෝ කොල ගොඩක් පෙනෙද්දි යීහන්ව පරිස්සමට අනිත් උරහිසට මාරු කරගන්න ගමන් මං ඒක පෙරලන්න ගත්තා.....වැඩි වෙලාවක් නොගෙන ඒත් විමසිල්ලෙන් ඒ ෆයිල් එක කියවලා පැත්තකට කරලා ආයෙමත් මං ඇස් කැරකෙව්වෙ ආගන්තුක රූපේ ලගට...අමාරුවෙන් උනත් ඇස්වල ඇදුනු පුදුමෙත්.යාන්තමට උනපු කදුලුත් නතර කරගන්න වේගයෙන් ඇස්පිය ගහන ගමන් ....මොකද ඒ නම...එයාගේ විස්තරවල තිබුනු නම..මට ගෙනාගෙ අමුතු වේදනාවක්...අවුරුදු ගානකට කලින් වලලලා දාපු ගොඩගන්න ඕන නැති අතීතයක මතකයක්...

..වෙයි ශියන්...

..ඔව් සර්.....

..මුලින්ම කියන්න මොකටද මාස්ක් එකක් දාගෙන ඉන්නේ...

..මට දූවිල්ල ඇලජික් සර්...

..මේ ඔෆිස් එක ඇතුලේ දූවිලි නෑ මිස්‍ටර් වෙයි....

..නොතිබුනාට මාස්ක් එක දාන එක මගෙ පුරුද්දක් සර්....ඒක මගෙ පෞද්ගලිකත්වය....මං හිතනවා සර් ඒකට අනවශ්‍ය විදිහට බලපෑම් කරන්නෙ නැතිවෙයි කියලා....

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now