....
..
වසර දොලහකට පෙර..................
Zhan ' s P.O.V°°°°°
. වෙලාව කීයද දන්නෙ නෑ....මට දැනගන්න ඕනකමක් තිබුනෙත් නෑ...ටිකෙන් ටික ඉර බැහැගෙන යන්න ලන් වෙලා අහස තැඹිලි පාටක් එක්ක.දම් පාටක් අරන් තියෙද්දි පොත් මිටිය තුරුලු කරගෙනම මං පාර දිහා.බලාගෙන හිටියා.....දාඩිය නිසාම සුදු පාට යුනිෆෝර්ම් එක ඇගටම ඇලිලා තිබුනත්..ගෙදර යන්න කියලා හදිස්සියක් දැනුනෙ නැති තරම්...ගියත් ගිය වෙලාවෙ ඉදන් කරන්න තියෙන්නේ ඩැඩීගෙන් අර විශේට මේ විශේට ලකුනු අඩු උනු එක ගැන කන්දොස්කිරියාවක් අහන් ඉන්න වෙන නිසාම රිපෝට් කාඩ් එකත් අතේ ගුලි කරන් හිස් බැල්මෙන් මං පාර දිහා බලන් හිටියා...
ඇයි ටීචර්ට බැරි උනේ රිපෝට් කාඩ් එකේ විතරක් ලකුනු දාන්න....හැමදාම පේරන්ට්ස් මීටින් එකට ආවෙ අම්මා වෙද්දි....එයා නැති උනත් එක්කම ඩැඩීට මං වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් තිබුනෙ නැති නිසා මං හිතුවෙ එයා ලකුනු දැනගන්න එකක් නෑ කියලා...ඒත් මොන කරුමෙකටද මන්දා ටීචර් කෝල් කරලම මගෙ ලකුනු ගැන දිග විස්තරයක් දීලා...ඒ මදිවට අම්මා නැති දරුවා ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා.......
අහන් හිටියෙ නෑ ඒත් මට ටීචර් ඩැඩීට කෝල් කරනවා ඇහුනා....ඒ එක්කම මට.කියාගන්න නොතේරෙන දුකක් දැනෙන්න ගත්තේ ගෙදර ගිය ගමන් ඩැඩීගෙන් බැනුම් අහන්න...ගුටි කන්න වෙනවා කියලා මතක් වෙලා නෙවේ....අම්මා නැති දරුවා කියලා හැමෝම මට අනුකම්පා කරනවට.....මං දිහා අනුකම්පාවක් පිරුනු ඇස්වලින් බලනවට.....මං ආස නෑ ඒ බැල්මට....ඒ බැල්ම මට ආයේ ආයේ මතක් කරනවා මීට මාස ගානකට කලින් මගෙ අම්මා මාව දාලා ගියා නේද කියලා....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....