🎼 Chp 7️⃣5️⃣ 🎼

921 180 27
                                    


..

..

..





Zhan ' s P.O.V°°°°°

.ඇතුලට යනවද නැද්ද...

පැය.ගානක ඉදන් මන් කල්පන කලා.....ඇතුලට යන්නෙ කොහොමද...තවමත් ඩැඩී ඉන්නවද කියන්න දන්නෙ නෑ....ඉන්නවා නම් කොහොමත් යන්න බෑ....එයා ගිහින් නම් යීබෝගේ තරහා නිවෙනකම් කීයටවත් යන්න බෑ....මං දන්නවනේ...ඩැඩී ආව දාට එයාට හොදටම කේන්ති යනවා...සමහර වෙලාවට ළඟ තියෙන හැමදේම පොලොවෙ ගහනවා....ඒකටම මං එක්ක තියෙන තරහත් එකතු වෙලා මගෙ රාහු බලවත් වෙලා සෙනසුරු නීච වෙලා සිකුරු කිච උනොත් නම් අද බේරෙනවා බොරු.....



මාස්ක් එකත් කන්නාඩි දෙකත් ...එක තප්පරේකට අයින් කරලා මන් අත් දෙකෙන්ම ඔලුව බදාගත්තා......මන් හිටියේ වොශෲම් එක ඇතුලේ වහපු කොමඩ් එකක් උඩ ඉදගෙන වෙනකොට...ඔලුව බිමය පාත් කරගෙන මට හිතන්න දේවල් ගොඩක් තිබ්බා.....

ඇයි ඩැඩී ආවේ.....

මොන හේතුවට ආවත් එපොයිමන්ට් එකක් නොදා...කැබින් එකට එළියෙන් ඉන්න සෙක්‍රටි කෙල්ලගෙන්වත් දැනුම්දීමක්..අවසරයක් නැතුව කොහොමද එහෙම එන්නේ....ඩැඩී දොරට තට්ටු කරන්න අත උස්සන් හිටිය බව ඇත්ත....ඒත් එහෙම එනවා නම්....මං කියන්නෙ යීබෝගේ ඔෆීශියල් ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක්වත් නොදී පිට කෙනෙක් කොහොමද එන්නේ...එක්කො යීබෝ කල් තියා මේ වෙලාවට එන්න කියලා හරි..මං එන්න කලින් හරි කෝල් එකක් දීලා ඩැඩීව ගෙන්නලා තියෙන්න ඕන..නැත්නම් ෆයිල් එකක් උස්සන් ඇවිත් සයින් කරනගන්න තරමේ යීබෝ යටතේ පොඩි රස්සාවක් කරන කෙනෙක් වෙන්න ඕන.....

පොඩි රස්සාවක්....මගෙ ඩැඩී...ඒකත් යීබෝ යටතේ ...නෑ නෑ කීයටවත් වෙන්න බෑ .....

ගානට පීරන් ආව කොන්ඩෙ අවුල් වෙලා තියෙද්දි මං එක අතකින් කොන්ඩෙ උඩට කරගත්තා.....

මට ඇත්තටම පිස්සුද....හිතාගන්න බෑ....මොන මගුලකටද මං තාම ඒ මිනිහට ඩැඩී කියන්නේ....මෝඩයෙක් වගේ ඇස් පියන් විශ්වාස කරන තරමේ බොරු ගොඩකින් මාව අන්ධ කරලා....මගෙ ආදරේ මරවන තරමට ශූවයි මාවයි විසෙන් පුරෝලා..මට මගෙ ලෝකෙම නැති කරපු මිනිහ්ටද මං තම් ඩැඩී කියන්නේ....

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now