🎼 Chp 3️⃣7️⃣ 🎼

1.1K 219 22
                                    

..

..

..







JV Group එකේ එකම උරුමක්කාරයා ....

ම්ම්...

නරකමත් නෑ..

ඒත් මට වැඩක් නෑ.....




..කියපන් ජියැන්ග් ජාන්....උබ මුල ඉදන් මට කරලා තියෙන්නෙ බොරුවක් ....උබේ නම පවා බොරුවක්....ඒක හරි ඇත්තක් නම් මට හිත හදාගන්න තිබ්බා...ඒත් මට එතනත් තමුසෙ කරලා තියෙන්නෙ බොරුවක් ....



එයා නහර උලුප්පන් ඒත් කේන්තිය පාලනය කරගන්න ගමන් කෑ ගෑහුවා...ඒ උනත් මං ඒ කටේ සද්දෙට බය නොවී කෙලින්ම බලන් හිටියා....බොරු කරන මිනිස්සු ඇස් දිහාබලන්න බයයිලු..බය වෙන්න තරම් මං කරපු වැරැද්දක් නෑනේ ..

...ජියැන්ග්..හහ්....ජියැන්ග්.....මං බොරු කලේ නෑ යීබෝ.....ඒ නමෙන් මට වැඩක් නෑ...ඒ නම මගෙ ජීවිතේට ඕනත් නෑ...මං පාවිච්චි කරන්නෙ මගෙ අම්මගේ නම....එතනදි කිසිම බොරුවක් මගෙ අතින් වෙලා නෑ....

..බොරුවක් ...ඔව් බොරුවක් නේද...හහ්.. උබ මට කිව්ව ඇත්ත මොකක්ද කියපන් ජාන්....මුල ඉදන්ම කිව්වෙ උබ අනාතයි කියලා...අම්ම අප්පා නෑ කිව්වා..ඉන්න හිටින්න තැනක් නෑ කිව්වා..අඩුම ගානේ බඩ පිරෙන්න තුන් වේල කන්නවත් උබේ අතේ සල්ලි තිබ්බෙ නෑ..හැසිරුනෙත් ලෝකේ ඉන්න අසරනම මිනිහා විදිහට ....අදින්නේ පාට ගිය ඇදුම්....දාන්නෙ බාල සපත්තු තියෙන්නෙත් කැඩුනු සයිකලයක්....කොහොමද ජාන් ඔහොම රගපාන්නෙ ආ...

...කිව්වනේ මං තමුසෙට බොරු කලේ නෑ කියලා...ඇයි පිලිගන්න බැරි ආහ්... මං බොරුකාරයෙක් කිය්ලා පිලිගත්තා වගේ මං බොරු කලේ නෑ කියන එකත් පිලිගන්නවා.....

..තවත් මොනා කියලා පිලිගන්නද මං... ආහ්.... මාව බිස්නස් ෆීල්ඩ් එකෙන් අයින් කරන්න බලන් ඉන්න එකෙක්ගේ පුතෙක් මං ලගටම ඇවිත් චාටු දාලා මායම් දාලා මාව අල්ලගන්න හදද්දි මොනාද මට තව පිලිගන්න කියලා ඉතුරු......

..යීබෝ...


වාඩි වෙලා හිටිය තැනින් මාත් නැගිට්ටා...කේන්තියෙන්ම.....කියන දේ පිලිගන්නෙ නැතුව එකම දේ සැරෙන් සැරෙට රිපීට් කරද්දි මට තවත් ඉවසන් ඉන්න අමාරු උනා...තරහා යන්නෙ කේන්ති ගන්න පුලුවන් වෙන්නෙ එයාට විතරක් නෙවේනේ.....


🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now