🎼 Chp 4️⃣4️⃣ 🎼

1.1K 206 31
                                    

..

..

..

අහුවෙන්න වැඩ කරලා සාක්ශි ඉතුරු කරනවට වඩා නොදැනෙන්නම මං ක්ලොරෝෆෝම් ලික්විඩ් එක එක බෙල්ල පිටිපස්සෙන් ටකාශියට ලන් කලා...වීදුරු වහපු කා එක ඇතුලේ එයාටම ඒක ආස්වාස වෙද්දි තප්පර ගානක් ඇතුලත ටකාශිගෙ අත්වලින් ස්ටෙයාරින් වීල් එක අතෑරුනා....

අතෑරෙන්න කලින් ඒක අල්ලගත්තු මට මේ වෙලාව අනුව කියන්න පුලුවන් උනේ එකම එක දෙයයි...

...මට සමාවෙන්න ටකාශි...

.........................................
................................
.......................
..................
...............
.............
.........
.......
...
..
.

.
..
...
.....
..........
..................
..........................
.................................
................................................
......................................................













..ශ්........................






මට වඩා ඉස්සරහින් ගිය ශූ ආයෙමත් හැරිලා බලලා සද්දෙ නෑහෙන්න තොල්වලට ඇගිල්ල තියලා ඉගි කරද්දි මං ඔලුව උඩට පහලට කලා....හැමතැනම අන්දකාරයි.....දැනෙන්නෙ නාහෙ කඩාගෙන ගිහින් කැරකවිල්ල හදවන තරමේ මලකඩ ගදක්...මාස්ක් එකට වැහිලා තිබ්බත් ඉවසන්න අමාරු උනු මලකඩ ගද මාස්ක් එක ගැලෙව්වොත් කොයිතරම් වෙයිද කියන එක මට හිතාගන්න පුලුවන් උනා......මලඩක ගද අතරෙන්ම දැනුනු කාලාන්තරයක් තිස්සෙ එකතු උනයි කියන්න පුලුවන් දූවිලි සුවදක් පැතිරිලා යද්දි මං මූන උඩට ඉස්සුවා.....ම්ම්...ඒක නිකම් මාස ගානක් පායලා එකපාරටම වහින්න ගත්තම දූවිලි ඇවිස්සිලා යනකොට දැනෙන අමුතුම සුවද වගේ.....

හහ්...

ඔව් එහෙම වෙන්න එපැයි....අපි මෙතනට ආවේ එකම එක සාක්ශියක්වත් ඉතුරු නොවෙන්න වහලා තිබුනු වතුර ලයින් එකක් ලීක් කරලා වෙද්දි අනිවාර්යයෙන්ම ඒ දූවිලි ගද එන්නම ඕන...එකෙක්ටවත් ගානක් නොගියට ටිකෙන් ටික ලීක් වෙන වතුර බටෙන් දූවිලි උඩ ඇදෙන පා සලකුනු වගේම තව ටිකකින් ඇදෙන්න තියෙන ලේ සලකුනුත් මැකිලා යයි......



..දඟ නොකර ඉන්න පැටියෝ.....



එයා දගකලේ නැති උනත් මං එයාව අල්ලගෙන චුට්ටක් විතර තරවටු කලා....මාස හතර පැන්නාමයි දරුවෙක්ගෙ දැගලිලි අම්මෙක්ගේ අතට දැනෙන්නේ.....ඒ වෙනකම්ම එයා දගලන්නෙ අමුතු විදිහකට...එකදිගට එන කැරකවිල්ලයි වමනෙ ගතියයි එක්ක එයා හෙමීට හෙමීට වද දෙන ගමන් දගල්නවා....මේ මලකඩ ගද මටත් වඩා එයාට දරාගන්න අමාරුයි වගේ....මටවත් නොදැනෙන්න පොලොවට අඩි තියාගෙන ගිය මං බිත්තියකට හේත්තු වෙලා පිස්ටල් එක නැති අතෙන් එයාව තද කරගත්තා....මට කැරකිල්ල වගේ....


🎼 S A Y    H I 🎼 ( Completed)Donde viven las historias. Descúbrelo ahora