🎼 Chp 6️⃣4️⃣ 🎼

854 168 36
                                    

..

..

..

Yibo' s P.O.V°°°°°


ආයෙමත් ගෙදර ආව ගමන් නඩු විසදලා අදාලා පාර්ශව ගුටිත් කාලා පැත්තකට වෙලා ඉද්දි බැනුම් විතරක් ඇහුව මගෙ චූටි කොල්ලා ඇබිත්තන් පස්සත් උඩ දාගෙන කාපට් එක උඩ දිගාවෙලා මොනවදෝ කරන ගමන් හිටියා....දන්නැ මොනා කරනවද කියලා..ඇත්ත බවු පැටියෙක් කියලා හිතාගෙන ඉන්න බූල් බෝනික්කාවත් බදාගෙන කිරි බෝතලෙත් කකුල් දෙක අස්සෙ ගහගෙන එයා බරට බරේ රහස් කියන ගමන් හිටියා.....


..යීහන් මොනාද කරන්නේ...


ලැප් එක දිහා බලන් ඉන්න අතරෙම ඇහුවත් සද්දයක්වත් තිබුනෙ නෑ...කිරි බෝතලේ පැත්තක තියාගෙන බවු පැටියගේ කකුල් අස්සෙ පෙරලිලා ඉන්නවා මුනින් අතට....නැගිටින්න දගලනවා ඒත් නැගිටින්න බෑ....එයාගේ චූටි කකුල්වලට තවම එයාගේ බර දරාගන්න බෑ....කිරි බෝතලෙත් පෙරලගෙනම චූටි අත් දෙපැත්තට ගසන ගමන් එයා අන්තිමට දගලලා දගලලා පෙරලිලා ගිහින් කොහොමහරි වාඩි උනා....ඒත්...හහ්....දැගලිල්ලටම කොල්ලා ආයෙමත් වැටුනා....

...යො ඉතින් තියෙන හුරතලේ මේකගෙ....

මං ලැප් එක පැත්තකටම කරලා එයා දිහා බැලුවා....හරි හරියට...මටවත් නොකියන ලොකු රහසක් එයාට බවු පැටියා එක්ක....ඇබිත්‍තන් තොල් ඈත් කරලා සූප්පුවෙන් එක උගුරක් බොනවා...ආයෙමත් සූප්පුව දත්වලින් අල්ලගෙන බවු පැටියගේ මූන අල්ලනවා...ඇස් ලොකු කරන් මොකක්දෝ කියන්න හදනවා.ඒත් බෑ...ඒ තොල් පට අස්සෙන් කිරි බිංදු එක දෙක නිකට දිගේ පෙරිලා යනවා....


..බ..වු..බවු...

..යීහ..න් චූටි කොල්ලෝ....



මං කතා කලා...හැබැයි පැම්පස් එක අන්දලා නිසා පිම්බිලා තිබුනු චූටි පස්සට යාන්තමට වගේ ගහපු පාරත් එක්ක මගේ කොල්ලා මං එක්ක තරහා වෙලා හිටියා...ඇහුනත් නෑහුනු ගානට...දත්වලින් සූප්පුව අදින ගමන් එයා පුළුවන් තරම් බවු පැටියව අල්ලන් නැගිටින්න හැදුවා...අනේ බෑ....මුරන්ඩුකමට එයත් ලොකුයි කියලා පෙන්නන්න නැගිටින්න හැදුවට මගෙ පැටියට තවම ඒක කරගන්න බෑ....

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now