..
..
..
..අතේ තියන් ඉන්න නෙවේ දුන්නේ....
කාමරේට ආව යීබෝ මං අතේ තියන් හිටිය බෙහෙත් බෝතල් දිහා බලලා අහද්දි මං මොනවත් නොකියා හිටියා.....
..මොකද තමුසෙගෙ කට වැහිලා ම්ම්....
එයා දොර ළඟ ඉදන්ම ඇවිදන් ආවේ ඇද ලගට....ඇවිත් ඇදේ මට එහා පැත්තෙන් වාඩි උනා කියලා තේරුනත් මට ඒක ගානක් ගියේ නෑ...ඒ තරම් මං වෙන කල්පනාවක හිටියේ.....
...ජාන් මොන ලෝකෙද ඔය ඉන්නෙ ලමයෝ ආ ...
..ආ...හ්...
..මොනාද ඔය තරම් කල්පනා කරන්නේ...මෙහෙන් පැනල යන්න ප්ලෑන් හදනවද....
වෙන වෙලාවක මොකක් හරි කුප්ප කතාවක් කියන්න පුලුවන් උනත් ඒකට මට හිත දුන්නෙ නෑ....ඉතින් මං ඔලුව දෙපැත්තට වැනුවා.... ඒත් පෙනුනේ නම් එයා ඒකෙන් සෑහීමකට පත් උනේ නෑ වගේ.....
..කතා කරනවකෝ ඕයි..දවසම කියවන කට වැහිලා ගියාම නිකම් මොකක්ද වගේ...
..හ්ම්...
..ජාන්....
..ම්ම්ම්..
..මොනාද ඔය තරම් කල්පනා කරන්නේ....ආ...මං දන්න කෙනා නම් හිත හිත ඉන්නෙ නැතුව හිතේ තියන දේ කටින් පිට කරන කෙනෙක්....
..මං කොහොමත් ඔයා හිතන් ඉන්න කෙනා නෙවේ....
බෙහෙත් බෝතලෙන් අයින් කරන් ඒ ඇස් දිහාම බලන් මං කියද්දි ඒ එක ඇහිබැමක් උඩ ගියා.....පස්සෙ ඇස් දෙකත් හීනි කරලා මගෙ නලලටයි බෙල්ලටයි අත තියලා බැලුවා.....
..හොද වැඩේ..මාත් කිව්වනේ ඕනාවට වඩා මහන්සි වෙන්න එපා කියන එක....සල්ලි මත්තෙ නැහෙනවා කියලා පෙනුනට මං තමුසෙ ගැන දැන ගන්න් ඕන්ම දෙයක් දැනගෙන ඉ......
..ඒ ආව ඩොක්ටර් කවුද ...
..ආ...
..ඔයා දන්න කෙනෙක්ද යීබෝ.....
මං මැදින් පැනලා අහපු ප්රශ්නෙත් එක්ක එයා මගෙ මූන දිහා බැල්මක් හෙලලා අතේ තිබ්බ බෙහෙත් බෝතල් ටික ඇදලා ගත්තා.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....