..
..
..
..බෝනස්ලු🙂
..
..
..
කොච්චර කාලයක්ද කියන්න දන්නෙ නෑ...අඩුම සති දෙකක් වෙන්න ඇති....ඔව්...මං හිතන්නෙ සති දෙකක්...මින්හෝටවත් යන තැන නොකියා එදා ටකාශිටත් හොරෙන් හොස්පිටල් එකෙන් ආව මන් සති දෙකක් වෙනවා හැංගිලා ඉදලා....ඇත්තටම මං හැංගුනාද...නෑ ඒක මං හැංගුනා කියන්න බෑ...හිත හදාගන්න...ඒ මූන දැක්කම බිම දාගෙන ගහන්න හිතෙන හැගීම පාලනය කරගන්න ඕනකමට මං පැත්තකට උනා....හරි නම් මං අඩන්න ඕන...පොලොවෙ පස් කකා ඇයි මෙහෙම කලේ කියල කෑ ගහල අඩන්න ඕන....ඒත් මං හිත හදාගත්තා...කල් තියාම ලෑස්ති වෙලා හිටිය නිසා ඒක ඒ තරම් අමාරු නොවෙද්දි ගෙවුනු සති දෙකට මං ආයේමත් එයාව ගනන් නොගෙන ඒ ඇස් ඉස්සරහට යන්න පුලුවන් තරමට හිත හදාගත්තා...කිව්වෙ නම් එයා ඉස්සරහට ආයේ කවදාවත් එන්න එපා කියලා...මගෙ මූන පෙන්නන්නවත් එපා කියලා...හහ්...ඒත් මේක මාෆියාකාරයන්ට ගිය රට නෙවේනේ...මේ රටේ මාත් ජීවත් වෙනවා..එක එකාට බයේ මං කොහෙ කියලා හැංගෙන්නද....ආදරේ කලා තමා..ඒත් එහෙම කියලා මට ඒ මිනිහා මත්තෙම නැහෙන්න බෑ...මාව එපා නම් මටත් එපා...එකපාරයි කතාව එතනින් ඉවරයි...ආයෙ මගෙ පස්සෙන් ගිහින් ඇඩිලි, කෑ ගැහිලා නෑ....පොඩි කාලේ ඉදන් මට පුලුවන් හෙන ගැහුවත් දරන් ඉන්න....මොන ප්‍රශ්නේ ආවත් දවස් ගානක් කොහෙ හරි මගෙ පාඩුවේ හැංගිලා ඉදලා මොනවත් නොවුන ගානට හිත හදාගන්න...ඒකයි මං මොන දේ උනත් හිනාවෙලා ඉන්නේඑ....ඊලග තප්පරේ හැමදේම අමතක වෙලා වගේ හැසිරෙන්නේ...
ගෙවුනු සති දෙකම ශූ එක්ක හිටපු මං අන්තිමට එයාටත් සමුදීලා ආයෙමත් මගෙ පරන ජීවිතේට එන්න එයා එක්කම පාර කෙලවරෙන් ඇවිදගෙන එන ගමන් හිටියා...මගෙ ඔලුවෙ තාමත් සුදු පාටට බැන්ඩේජ් එකක් ඔතලා තිබුනා...වැටුනු හැටියට හිතුවා වගේම ඔලුව ඇතුලෙන් ටිකක් තුවාල වෙලා තිබුනු නිසා මට සිද්ද උනා සති දෙක පුරාවටම ඒකට බෙහෙත් ගන්න...ඔලුවෙ සීරිමක්වත් නැති නිසා ඔපරේශන් එකකට නොයා මහ විසාල බෙහෙත් කන්දරාවක් මට තුන්වේලටම බොන්න උනා...දැන් නම් අඩුයි...ඉඳ හිට එන කැරකැවිලි ගතිය ඇරුනම කියන්න තරම් අමාරුවක් නෑ ...රිපෝට් එක අතට එන්නත් කලින් ටකාශිට තෑන්ක් කරලා නෝට් එකක් තියලා ආව මං ශු එක්ක එයාගේ කසීන් කෙනෙක් ළඟින් ට්‍රීට්මන්ට් කරගත්තා...කවුරු කවුරු දැගලුවත් ඒ තටම් අවුලක් මට නැති වෙද්දි ශොපින්ග් මෝල් එකටත් එනවා කියන ගමන් මං ඒ පැත්තට ඇවිදන් ගියා....හැම මොහොතකම පැනලා යන්නත් බෑ ...ඒ පැනලා යන හැම වෙලාවකම නිවාඩු දාලා ජීවත් වෙන්න ලැබෙන පඩිය නැති කරගන්නත් බෑ ...ආදරේ කරලා පස්සෙන් වැටුනා කියලා මට කන්න ලැබෙනවා කියලද....නෑනේ...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....