....
..
දවස් ගෙවෙන්නෙ හිතාගන්නවත් බැරි තරම් වේගෙකින්...ඒ දෙන්නගෙන් ඈත් වෙලා...ඒ දෙන්නා නොදැක ලෙඩ ඇදක ගෙව්ව මාස ගොලුබෙලි ගමනින් මට වේදනාවක් විතරක් ඉතුරු කරලා හරි හෙමීට ගෙවිලා ගියා වෙද්දි...ඒ දෙන්නා ළඟින් ඉන්න ලැබුනු දවස් ගාන ඇහි පිය ගහන වේගෙකින් ගෙවිලා යන්න ගියා...දවසම ඔෆිස් යන යීබෝ කොයිතරම් රෑවෙලා ආවා කොයිතරම් මහන්සියක් මූනෙන් පෙනුනා උනත් මග නොහැරම යීහනුත් මාත් එක්ක එයා කාලේ ගත කරද්දි මටත් නොදැනීම ඒ හිනාව ළඟ මගෙ හිත පිරිලා ගියා......මට ලැබුණේ රැවුම් ගෙරවුම් විතරක් උනත් යීහන්ට ලැබෙන ආදරේ..එයා වෙනුවෙන් දෙන හිනාව එක්ක හිතේ කහටක් නැතුවම මට සතුටු වෙන්න පුළුවන් උනා.......ම්ම්...කිව්ව ගානම තියෙනවා...
නොදැනීම මාසයක්ම ගෙවිලා තියෙද්දි ගෙදර තිබුනු ඔෆිස් රූම් එකට ගෙන්නලා යීබෝ මට දික් කලේ සුදු පාට ලියුම් කවරයක්....තමන්ගෙ දරුවා බලාගන්නවට දරුවගෙ අම්මට දරුවගෙ අප්පච්චිගෙන් ලැබුනු මාසෙ පඩිය තිබුනු ලියුම් කවරයක්....ෆ්ලවර්ස් ශොප් එකේ වගේම ශොපින් මෝල් එකේ වැඩ කරලා අතට පඩි ලැබෙද්දි වෙනදා දැනෙන සතුට වෙනුවට මහ අසරන හැගීමක් මට මං ගැනම දැනෙද්දි...වෙව්ලන අත් දෙක පාලනය කරගන්න ගමන් පරිස්සමට මං බර ලියුම් කවරෙ අතට ගත්තට...
මගෙ දරුවයි මහත්තයි මෙතන ඉද්දි මං හම්බ කරන එක කාට කියලා දෙන්නද දෙවියනේ.....
..ඕකෙන් කැමති දෙයක් කරගන්න..නැත්නම් ගෙදරට යවන්න....
එයා මොන මොනවදෝ කිව්වත් අත් දෙකටම ලියුම්.කවරෙ ගුලි කරන් මං බිම බලන් හිටියා....තවත් නම් බෑ..ඒ දෙන්නා පේන මානෙ ඉදන් මේ විදිහට රගපාලා මට හොදටම මහන්සියි....අනේ ඇයි මටත් බැරි වෙන අය වගේ ගුටිකාලා මැරෙන්න හරි වැරදි පිළි අරන් එයා ලගට යන්න...ගහලා පැන්නුවත් ඇයි මට බැරි මං තාම ජීවත් වෙනවා කියලා එයාට අගවන්න....මොන දඬුවමක් ආපිට දුන්නත් මැරිල ගිය ජාන්ව වෙයි ශියන්ගේ ඇගින් වහගෙන ජීවත් වෙන්නෙ ඇයි මං තව...බැරිද එක මොහොතකට හරි හැමදේම අමතක කරලා ඇත්ත කියලා දාන්න.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....