..
..
..
..වස්තුව ඔයා මට මොනා හරි හංගනවද.....
තවත් මේක හංගන් ඉන්න එක ගැන වැඩක් නැහැයි කියලා හිතට දැනෙද්දි....මං හෙමින් සැරෙ එයාගෙ කන් පෙත්තකට මිමිනුවේ මට මේකට උත්තරයක් ඕන නිසයි....
..ම්..මො..මොනාද අහන්නෙ..
මට දැනුනා එයා කලබල වෙනවා කියන්න....එයා කලබලෙන්ම මගෙ පැත්තට හැරෙන්න හැදුවා උනත්..හැරෙන්න නොදී මං එයාව එහෙම්මම තියාගත්තා...දවස ගෙවිලා ගිහින් රෑ උදා වෙනකොට...දගලලා දගලලා මහන්සියටම යීහන් ජාන්ගෙ ඇදුම අස්සට රිංගලා එයාව හපාගෙනම නින්දට වැටිලා තිබුනා....දරුවගෙ නින්ද කැඩෙන්නෙ නැතිවෙන්න එයා හිටියෙ ඇලේට හැරිලා වෙද්දි.....මාත් ඇලේට හැරීගෙනම ඒ උරහිසත් බෙල්ලත් අතට ඉඩෙන් මගෙ මූන තියාගත්තා....
...මට කියවන්න මොනවත්ම නැද්ද ම්ම්...
..ඔ..ඔයා මොනා ගැනද අහන්නෙ බෝ...
..මේ මේක ගැන....
මගෙ ඇගිලිතුඩු නතර උනේ එයාගෙ කොන්ඩෙ අස්සෙන් ගිහින් ....බැලූ බැල්මට නොපෙනුනා උනත් ඔලුවට දාලා තිබුනු මැහුම් පාර උඩට....මං දන්නවා නොකිව්වා උනත් එයාට රිදෙනවා...එකපාරටම අල්ලන ඔලුවෙ කැක්කුම එක්ක එයා බෙහෙත් ගන්නවා කියන්නත් මං දන්නවා.....ඒත් ඒ බෙහෙත් ගන්නෙ වෙදනාව අඩුවෙන්න විතරමද කියන්න මං දන්නෑ....මාසෙන් මාසෙට ට්‍රීට්මන්ට් ගන්න තරම් මේ පරන උනු මැහුම් පාර එයාට වේදනාත්මකයිව කියලා මට තේරෙන්නෙ නෑ....
ජාන් මොනවත් කිව්වෙ නෑ....හීනියට කෙදිරි ගාගෙනම යීහන් මුන අනිත් පැත්තට හරවද්දි...එයා ඉක්මනටම දරුවගෙ පස්සට පුංචි පුංචි තට්ටු දැම්මා...යීහන් නින්දෙනුත් තලු මරනවා...හීනියට හිනා යනවා...අප්පච්චි වගේම අම්මත් ළඟ ඉන්න නිසා අපේ දරුවා සනීපෙට නිදාගන්නවා...ඇද බර වෙලා සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න ටිකක් ඉස්සිලා මං යීහන්ගෙ වටේට කොට්ටා තිබ්බා....පැම්පස් එක පිටින් බටු ඇටේ අත පය හතර අතට විහිදගෙන නිදාගද්දි...ටික වෙලාවක් ඒ දිහා.බලාගෙන ඉදලා ජාන් මගෙ පැත්තට හැරුනා.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....