🎼 Chp 5️⃣5️⃣ 🎼

910 166 39
                                    

..

..

..


..එහෙනම් ගෙදර යන්න ලෑස්ති වෙනවා....

..ඇයි ඒ.....


මං ඇස් ලොකු කරන් අහද්දි ඒ කොල්ලා අතින් ඇදලා මාව දොර ළඟින් එහාට තල්ලු කරලා දැම්මා....හැබැයි ඊලගට කිව්ව දේත් එක්ක මගෙ කටත් එක්ක ඇරිල ඇස් දෙක ලොකු උනා....

..මමයි එයාගේ බාරකාරයා.....

..................................
......................
...........
.....
..
.



මොකක් කිව්වා බාරකාරයා?...

මං ඇස් දෙක ලොකු කරන් ඒ කියන දේ අදහා ගන්න බැරිව බලාගෙන හිටියා..යීබෝට දෙමව්පියෝ ඉන්නවා නම් මේ කෙහෙවත් ඉන්න කොල්ලෙක් කොහොමද එයාගේ බාරකාරයා වෙන්නේ...බැරි වෙලා හරි යීබෝ ක්‍රිස්ටියන්ද...එහෙම උනාමත් බාරකාර පියෙක් ඉන්න පුලුවන් නේ..ඒ උනාට යීබෝගෙම වයසෙ කොල්ලෙක්ව භාරකාර පියා කරනවද...ඒක මොන පිස්සුවක්ද....



..මොකක්ද ඒ කිව්වෙ ආහ්....

..ඒකෙන් තමුන්‍ට වැඩක් නෑනේ...මොනා උනත් බෝබෝව හොස්පිටල් අරන් ආවට තෑන්ක්ස් ..ඔයා ගෙදර යන්න....පවුලෙ අය බය වෙලා ඇති.....


ශියන් මාව දොර ගාවින් එහාට කලා.....මට කතා කලේ අයිසියු එකේ දොරේ පොඩි හිඩැසෙන් ඇතුල බලන ගමන්...ඒත් මං ඇස් කොනින් දැක්කා ශියන්ගේ ඇස්වල කදුලු පිරිලා තියෙනවා...නෑ නෑ මට කියන්න එපා ඒ විදිහට අඩන්න තරම් එයා යීබෝගේ කවුරු හරි කියලා...

..ම..න්..මං යන්න ඕන තමා..ඒ..

..එහෙනම් යන්න...

..ම්..හ්..මට බෑ....යීබෝගේ අම්මලා එනකම් මට යන්න බෑ.....අනික මං ඔයාව දන්නෙත් නෑ...කොහොමද දාලා යන්නේ...

ඒ පාර ශියන් මගෙ දිහාට හැරුනා....කදුලු පිරිලා තිබුනා උනත් ඒ මූනේ යාන්ත්මට වගේ මුලින්ම දැක්ක ආඩම්බරකාර පෙනුම හොදටම පේන්න තිබුනා......

..කිව්වනේ.....බෝබෝ මගෙ...ඒ නිසා එයාට මොනවත් කරන්න මට ඕනකමක් නෑ....ඔච්චර සැක් නම් බෝබෝගෙ අම්මට කෝල් කරලා මං ගැන අහන්න..එයා කියයි...

..ඒත් එයාලා..

..ඒ දෙන්නටම එන්න වෙන්නෙ නෑ....එයාලා එනකම් මං මෙතන ඉන්නම්...ඔයා යන්න මල්ලි...

🎼 S A Y    H I 🎼 ( Completed)Donde viven las historias. Descúbrelo ahora