🎼 Chp 1️⃣3️⃣ 🎼

1.2K 255 30
                                    



..

..

..





..තාත්තියෝ....ව්ව්.....




මං මල් ශොප් එකේ ඉදගෙනම අත් දෙක දික් කරගෙන කෑ ගැහුවා......පාර්ක් එකෙන් බාගයක්ම හැරිලා බැලුවත් මගෙ මිනිහා නෙවේ හැරිලා බැලුවේ...මහ ලොකු වැඩක් කරනවා වගේ අර ගල් බංකුවටම හේත්තු වෙලා ඇස් පියන් සින්දු අහන ගමන් හිටියා....අනේ දෙයියනේ මේකගෙ තියෙන මහ ලොකු වැඩේ...ඕක තමා...ඕක හැර වෙන මූත් කරන්නෙම නැ..ඕක විතරක් තිබ්බ නම් ඇති...හරි යයි මගෙ මිනිහට සින්දු අහ අහ ඉදලා....කන්නෙත් නෑ බොන්නෙත් නෑ..දවසෙන් බාගයක්ම කරන්නෙ සින්දු අහන එක.....ඔය තරම් ආස නම් ඇයි මට කියන්න බැරි..මාත් ලස්සනට සින්දු කියනවනේ......ම්හ්‍ය්ක්....



අර පොඩි කෙල්ලගෙන් ආපහු දෙන්නම් කියලා ගත්ත ඒත් ආයෙ දෙන්න බැරි උනු ප්ලාස්ටික් දුන්නෙන් මං මේ වෙනකොටත් එයාගේ හැගීමක් නැතුව ගැහෙන හදවතට මලක් යවලා තිබ්බා...ම්හුක්...නෑනේ ඉතින් ..මේකා මල දිහාවත් බැලුවේ නෑ...මං පන්න පන්න යන නිසා තමා මෙ සේරම ගනන්....හුහ්.....මං ආව තරහටම වේගෙන් අඩි දෙක තුනක් පොලොවෙ ගැහුවා.....මගෙ සද්දෙ ශොප් එක ඇතුලේ දෝංකාර දෙන්න පටන් ගද්දි ෆෝන් එක කනේ ගහන් හිටිය මින්හෝ පවා ගැස්සිලා ගියා.....


..මොනාද යකෝ කරන්නේ..

..තොට පේන්නෙ නැද්ද ආ...මගෙ එකා මාව ගනන් ගන්නෙ නෑ....



ෆෝන් එක කනේ ගහන්ම ඒකා මගෙ උඩ ඉදන් පහලටම අමුතු විදිහට බලලා ආයෙ අනිත් පැත්තට හැරුනා....


..ඔව් ඔව්..සුදාම්මියෝ....ඕ..ඕ...අලුත්ම ට්‍රෙන්ඩ් එක...ගෙම්බෝ නේද...ආ හරි හරි....මං ගානේ ගෙම්බන්ගේ හැඩේ සපත්තු ජෝඩුවක් අරන් දෙන්නම් ඉතින් ආය යුන්මෙන් හෙල්ලිලා යන්න...නැතුව නැතුව ..මගෙ මැනිකට නේන්නම් මේ සේරම......



ඌටත් ගස්සන් මං අනිත් පැත්ත හැරුනා...මුනුත් කොහෙන් ට්‍රෙන්ඩ් හොයාගන්නද මන්දා උගෙ කෑල්ල ගෙම්බන්ගේ හැඩේ බඩු හොයනවා....ගෙම්බෝ වගේ ඇදන්...ගෙඹි මූන තියෙන සපත්තු...ගෙම්බා වගේ කොමඩ්...ඊ....ව්ව්ව්.....මතක් කරද්දිත් ඇග වෙව්ලලා යනවා...කොහෙන් මේ වගේ ඒවා ඔලුවලට එනවද මන්දා.
.සේරම කලින් ගහන්න ඕන යුන්මෙන්වල ඉන්න මහ ඇටයට තමා.....



🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now