🎼 Chp 2️⃣2️⃣ 🎼

1.2K 251 27
                                    

..

..

..

...ෆිටෝ.න්න්..කර..න්න??...

ඒ කිව්ව දේ තේරුම මොකක්ද කීයල හිතාගන්න බැරි තැන මං ඇස් ලොකු කරගෙන එයා දිහාම බලන් හිටියා....ඒත් නෑ ..උත්තරයක් දෙනවා වෙනුවට හීනි කරගත්තු ඇස්වලින් එයා එක බොත්තමක් ගලවපු ශර්ට් එක ඇතුලෙන් බෙල්ල දිගේ ඇගිල්ලක් අරන් ගියා ....දැනෙන නොදැනෙන ගානට...ඇගේම හිරිගඩු පවා පිපෙන තරම් මෘදුව ඒ ඇගිල්ල උරහිස දිගේ පපුවට වෙනවකම් ඇදිලා ආවේ උන් හිටි තැන් පවා මට අමතක කරලා දාන ගමන්...හුස්මකවත් දුරක් නැතුව...ඈත් වෙන්න කියලා අගලක්වත් නැතුව එයා කවදාවත් නොවුනු තරම් මට ලන් වෙලාම ඉද්දි මට දැනුනේ මාව වෙව්ලලා යනවා වගේ හැගීමක්...අයින් වෙන්න ඕන උනත්...අයින් වෙන්න නොදුන්නු එයා අනිත් අත මගෙ ඔලුවට උඩින් තද කරගෙන , මේ ඉන්නෙ දාස් ගානක් සෙනඟ එහෙ මෙහෙ යන තැනක කියන එක අමතක කරලා දාලා තිබුනා...මේ විදිහට එක්පාරටම එයා වෙනස් උනේ කොහොමද කියන එක මට තාමත් අදහා ගන්න බැරිව ගියා..ඇයි මෙහෙම කරන්නේ..මොනවද එයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ..නැත්නම් එයාට මොනවද මගෙන් ඕන කරන්නේ...මට මේ කිසි දෙයක් හිතාගන්න බැරි උනා... ලන් වෙන ලන් වෙන වාරයක්.පාසා මාව ඈත් කරලා.තල්ලු කරලා යන්න ගිය එයා මං වද දෙන එක නතර කරනවත් එක්කම මේ විදිහට හිතාගන්න බැරි තරමට හැසිරෙන එක මට දැනුනෙම ලොකු ප්‍රශ්නයක් වගේ....

..අ..යින් ව්..වෙනවා යීබෝ....

..ම්ම්..

මං ඇදුම් අල්ලන් හිටිය අත් දෙක ඒ පපුවට තියලා තල්ලු කරන්න හැදුවත් එයා නෙවේ හෙල්ලුනේ....අඩුම ගානේ ඒ තල්ලුව එයාට දැනුනෙවත් නැති තරම්...ඒ වෙනුවට....අහපු දේට උත්තරයක් දෙනවා වෙනුවට එයා කලේ කට කොනකට ගත්තු හිනාවක් එක්ක මගෙ බෙල්ලට පාත් උනු එක...හාදුවක් නොවන හාදුවකින්..උවමාවෙන්ම වගේ එයා මගෙ බෙල්ල පාමුල ඒ උනුහුම් හුස්ම කා වැද්දුවේ මගෙ කකුල් පවා පන නැති කරවන ගමන්....තරහා වෙලා හිටියත්...එපා කියල යන්න ගියත්...ඕනම මිනිහෙක් තමන් ආදරේ කරන කෙනාගේ හුස්මක් ළඟදි පවා ලෝකයක් අමතක කරලා නොසන්සුන් වෙන්න ගන්නවා කියන එක ඇත්තක් කරලම මාව වෙව්ලලා ගියා...ස්පර්ශයක් නොලබාම හුස්මකින් විතරක් ඇගේ අගලක් ගානේ හිරි වැටිලා ගියේ ඕන උනත් එයාව තල්ලු කරලා දාන්න මට හයියක් නැති කරලා....

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now