🎼 Chp 6️⃣7️⃣ 🎼

888 179 101
                                    

..

..

..


..සර් දරුවට හොදටම නින්ද ගිහින්....



කැබින් එක වටේට කැරකි කැරකි දරුවට තට්ටු දාන ගමන් නලවපු වෙයි...අවසානේ ඇහෙන නෑහෙන තරම් හෙමීට කතා කලේ යීහන් ඇහැරෙයි කියලා බයෙන් වගේ....ෆයිල් එකක් දිග ඇරන් හිටියත් සම්පූර්ණයෙන්ම අලුත් කොල්ලා දිහාත්...විඩෙන් විඩේට පස්ස යටින් අත දාලා යීහන්ව උඩට උස්සගෙන පිටට තට්ටු දාන ඒ අත් ලගත් නතර වෙලා තිබුනා....යෝගට් පාට හමත් එක්කම දිග ඇගිලි එහෙ මෙහෙ යන රටාව තවත් මොකක්දෝ දෙයක් මතකෙට අරගෙන ආවත් ඒ ගැන හිතන්න මට ඕන උනේ නෑ ..ඕනාවට වඩා ගොරෝසු උනු කටහඩත් කෙට්ටු උස පිරිමි රූපෙත්..දැන් ඉන්න වෙයි ශියන්ගෙත්...අවුරුදු ගානකට කලින් මගෙ අත්දෙක උඩ අන්තිම හුස්ම අතෑරපු වෙයි ශියන්ගෙයි වෙනස්කම ඕනාවටත් වඩා පෙන්නලා දෙනකොට ..ඔලුව දෙපැත්තට වනලා මං නැගිට්ටා.....



..කෝ දෙන්න...

මං අත දික් කලා උනත් කොල්ලා යිහන්ව තද කරගත්‍තේ දුන්නොත් ආපහු මං දෙන්නෙ නැති වෙයි වගේ....

..දරුවගේ නින්ද කැඩෙයි සර්...මට කොට් එකක් තියෙන තැනක් පෙන්නන්න මං ගිහින් තියන්නම්..

කොල්ලා කෙලින්ම කියද්දි ඉස්සරහට දික් කරපු අත් දෙක මං පහලට ගත්‍තා..

..මෙහෙන් එන්න....



යීහන් තැන තැන විසි කරලා තිබුනු සෙල්ලම් බඩු ගොඩ අස්සෙන්ම මං වෙයිව එක්කන් ගියේ කැබින් එකටම අල්ලලා හදලා තිබුනු ප්‍රයිවට් රූම් එකකට...සද්ද නෑහෙන්න දොර ඇරපු මං ඇතුලට යන්න ඉඩ දීලා පැත්තකට වෙද්දි පුරුදු තැනක් වගේ කොල්ලත් වටපිට නොබලා කෙලින්ම ඇද ගාවට ඇවිදන් ගියා....මුලු කාලේ පුරාවටම බෙල්ල කඩාවැටෙන්න නොදී ඔලුව පිටිපස්සෙන් අතක් තියාගෙන ...යාන්තමට දෙපැත්තට වැනුනු කොල්ලා ඇද දිහාත් බලලා මං දිහාත් බලද්දි...මං ඇස්වලින් පෙන්නුවේ ඇදට එහායින් හදලා තිබුනු කොට් එක...

යීහන්ට නිදාගන්න ඕන උනු හැමවෙලාවකම මං එයාට නිදාගන්න දෙන්න හදලා තිබුනේ ඒ කොට් එක...මහ විසාලෙට ඇඳක් තිබුනත් එයා වැටෙයි කියන බයට මන් කවදාවත් ඇදේ තනියෙන් තියලා ගියේ නෑ....ඊටත් වඩා යීහන් ලැබෙන්න ඉදලත් එකපාරටම ඔෆිස් එකට කඩාපාත් වෙලා මාව අවුස්සලා අවුලලා දාන එයාගේ අම්මගේ මතක ගොඩක් මේ ඇද උඩ තියෙද්දි මැරෙන්න තරම් නිදිමත දැනුන්ත් මන්වත් නිදාගන්න හිතුවෙ නැති තරම්......



🎼 S A Y    H I 🎼 ( Completed)Onde histórias criam vida. Descubra agora