🎼 Chp 9️⃣0️⃣ 🎼

1.1K 201 40
                                    

..

..

..

පෙර කොටසින්.....

.ක්‍රී..........ස්ස්ස්ස්....



මලකඩ කාපු සරනේරු එක්ක මං කාමරේ දොරඇරියෙම පිස්ටල් එක ඉස්සරහට දික් කරන්...ඒ උනත්......කිසිම දෙයක් නෑ....ඇද ගාව ලේ පෙරාගෙන වැටුනු මිනිහෙක් ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ...කවුද ඒ....මට බලන්න ඕන උනා...කවුද මේ විදිහට මරලා දාලා තියෙන්නෙ....ඒක නොදැන මෙතනින් යන්න බැරි උනා....ඒ උනත්...............

ඒක මට කරගන්න බැරි උනා...........නොහිතපු මොහොතක....මොකක් හරි බර දේකින් ඔලුව වැහිලා යද්දි.....පිටිපස්සෙන් දැනුනු තදබල ග්‍රහණය එක්ක..ඇහිපිය ගහන පමාවට ලෝකෙම නිලංකාර කරගෙන මාව බිමට ඇදන් වැටුනා.........




...අපි ආයෙමත් හම්බ උනා 'සීන්'.........


.......................
............

......................
...........





..ම්හ්ම්......






ඒක හරි අමුතුයි.......මට දැනුනෙම......මගෙ හිත කිව්වෙම මං ඉන්නෙ වෙනම ලෝකෙක කියලා උනත්...අනවසරේන්ම පියවූනු ඇස් දෙක ඇරෙනකොට....දැනුනු වේදනාවත් එක්ක....මට කෙදිරි ගෑවුනා.....ඒක වේදනාවක් නොවන වේදනාවක් වෙනකොට....තප්පර ගානක් යනකම් කිසිම සංවේදනයක් දැනුනේ නැති මට ටිකෙන් ටික අමුත්තක් දැනෙන්න ගත්තා... අමුත්තක් කියනවට වඩා හිත නොසන්සුන් හැගීමකින් පිරිලා යන්න් ගත්තා.........


මේ කොහෙද ඉන්නේ.....



ඇස් ඇරුනු තප්පරේම මට බලාගන්න ඕන උනේ ඒක....මුලින්ම බොද උනු ගානට පෙනුනා උනත්.....කීප වතාවක් ඇහි පිය ගහනවත් එක්කම හැමදේම පැහැදිලිව පේන්න ගත්තා...ඒත් යම් තරමේ සීමාවකට...මං හිටියෙම පුටුවක් වගේ දේකට බැදිලා වෙද්දි....යාන්තමට දැල්වුනු මලානික ලයිට් එලියකින් විතරක් මං ඉන්නව ඇත්තෙ කොතනද කියන එක හිතාගන්න මට පුළුවන් උනා..

මකුළු දැල් බැදුනු සිවිලිම...දියසෙවෙල බැදුනු ...පැලිලා ගිය..පතුරු ගැලවුනු බිත්ති.....ඇඳක් විතරක් තිබුනු හිස් කාමරේ වගේම...තවමත් ඒ ඇද ගාවින් විසිරිලා තිබුනු කුණු පාට ලේ පැල්ලම්....මේවා දකිනවත් එක්කම මට ඔක්කාරෙට වගේ ආවා....ලේ පැල්ලම අලුත් එකක් කියලා කියන්නම ලේවලින් එන අමුතුම සැර කුයිලේ නහය කඩාගෙන යද්දි...අප්පිරියාවෙන්ම මං මගෙ නහය ඇකිලුවා...තවමත් ලේ පැල්ලම් මෙතන කියන්නේ .මං එනවත් එක්කම වැටිලා හිටිය මනුස්සයා...එහෙම නැත්නම් මල මිනිය....ඒකත් මේ කොහේ හරි ඇති...




🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now