🎼 Chp 7️⃣4️⃣ 🎼

860 184 52
                                    

..

..

..

...මොකක් කිව්වා බලු පැටියෙක්..



මගෙන් ඒ වචන ටික පිටවෙනවට්ජ් එක්කම එකපාරටම යීබෝ පපුව අල්ලන් කෑ ගැහුවේ හරියට නිකම් මං වෙන මොනාහරි ඉල්ලුවා වගේ.....යීහන්ව උකුල උඩ තියාගෙන හිටිය එයා එකපාරටම දරුවව වඩාගෙනම කලබලෙන් නැගිට්ටේ මාත් ඒ එක්කම ෆෝන් එක් පිටිපස්සට කරන් අඩියක් පිටිපස්සට ගන්නකොට....



....පිස්සු හැදිලද ආහ්...බලු පැටවු ගේන්නෙ නෑ මෙහෙ...

..ඇයි ඒ....

...පප්පා බවු පතියා...

..පොඩි දරුවෙක් ඉන්න ගෙදරකට බලු පැටවු ගේන්න හොද නෑ කියලා දන්නෙ නැද්ද වෙයි...

..ඉතින් මොකද වෙන්නේ....

..මොකද වෙන්නෙ අහන්නේ උන්බේ බූල් නහයට යනවා...මැක්කෝ ඉන්නවා...කෙල විසයිද දන්නෙත් නෑ..අනික නියපොතුත් තියෙනවා...ඕකුන් ඕනා එකටයි එපා එකටයි හැම එකටම බුරන්න ගත්තාම කනක් ඇහිලා ඉන්න නෑ....






යීබෝ නිකම් කියවන් ගියේ කුණු උනු මාලු කෑල්ලක් ගැන විස්තර කරනවා වගේ......මේ මිනිහා ජීවිතේටවත් බල්ලෙක් හදලා නැද්ද දෙයියනේ...කොහොමද දරුවෙක්ට ඒ වගේම ඉන්න බලු පැටියෙක්ව විසයි කියන්නේ....මොන විකාරයක්ද ඒ...හරි නම් පොඩි කාලේ ඉදන් දරුවා හැදෙන්න ඕන බලු පැටියෙක් පූසෙක් වගේ මොකෙක් හරි සතෙක් එක්ක...එතකොටයි දරුවා අපි එක්ක නැතත් හුරතලා එක්ක කතා කරලා වචන අමුනන්නේ...යීහන් උනත් මන් එක්ක කතා කරනවට වඩ කරන්නේ අර පුලුන් බල්ලා එක්ක කියවන එකනේ....දෙයියනේ මේ මිනිහට සාමාන්‍ය දැනීමක් නැති හැටි.....







යීබෝ බය වෙලා වගේ බලන් ඉද්දි මං ෆෝන් එක පිටිපස්ස සාක්කුවට දාගෙන ඉනට අත් දෙක තියාගත්තා....


...බලු පැටවුගෙන් දරුවන්ට කරදරයක් වෙන්නෙ නෑ සර්....එයාලා කරන්නෙ මොකක් හරි කරදරයක් ආවොත් දරුවව ආරක්ශා කරන එක.....

..මොන විකාරද...මේ ළඟදි නිවුස්වලට ගියා අම්මා දරුවව බල්ලට දාලා වැඩට ගිහින් එද්දි බල්ලා දරුවව හපලා කාලා කියලා...

🎼 S A Y    H I 🎼 ( Completed)Where stories live. Discover now