🎼 Chp 5️⃣7️⃣ 🎼

879 161 23
                                    

..

..

..

කැඩිලා යන තරම් සද්දෙන් දොර වහන් එයා යන්න යද්දි මං ඇදෙන් වාඩි වෙලා ටී ශර්ට් එක පහල්ට ඇද ගත්තා.....මගෙ කුස වැහිලා යන්න....ඒ වගේම ඇත්ත කියන දේත් කොහොම හරි මට වහලා දාන්න තිබුනා නම්...

ඒත් කමක් නෑ.....මට ඕන විදිහට දෛවය ලියන්න බෑ.....

එයා තරහා උනත්....

අඩුම තරමේ....

මාව මතක් වෙන්න මෙයාට යීශින් කියලා නම තියනවා නම් ඒ හොදටම ඇති.....

..............................................
.....................................
..........................
..................
.............
.......
...
..
.



..යීබෝ....

එයා මාත් එක්ක කතා නොකර දවස් දෙකක්ම ඉන්න තරම් ඒ සිද්දිය හිතුවට වඩා දුර දිග ගියා....මං කතා කරන්න හදන හැමවෙලාවකම එයා මාව මග ඇරලා පඩිපෙල් නැගලා උඩට ගියා...අඩි ගානක්වත් ඇවිදින්න අමාරු මං ඉස්සර වගේ එයාගේ පස්සෙන් යන්න බැරිකමට යීබෝ පහලට එනකම් පඩිපෙල ළඟ සෝෆාව් ටීවි එකත් දාන් මග රැක්කා....ඒත් ඉතින් වැඩක් නෑ ..එයා තරහා උනත් දරුවා බඩගින්නෙ තියන්න බැරිකමට කෑව මට ඒ හින්දම ඒ දවස් දෙක පුරාම සෝෆා එක උඩ නින්ද ගියා.....ඇහෙරෙනකොට නම් ඉන්නෙ අපෙ කාමරේ කොට්ටවලින් වටවෙලා සනීපෙට වෙද්දි ඒක කරන්න ඇත්තෙ එයා කියන එක මට තේරුනා....

..යීබෝ....

........

..මට කතා කරන්න ඕන...

තුන්වෙනි දවසෙත් මං එයා ඔෆිස් ගිහින් එනවත් එක්කම මග රැකන් ඉදලා කතා කලත් එයා නෑහුනු ගානට රවාගෙන ටයි පටිය බුරුල් කරන ගමන් ඇවිදන් ගියා....

එයා යන යෑමට අඩි සද්දෙ පවා බිත්ති අතරෙ දෝංකාර දෙද්දි මං අතට අහු උනු මල්වාස් එක උස්සලා පොලොවෙ ගැහුවා....ඇයි යකෝ පුදුම වැඩක්නේ මේක...මේකා මේ හැසිරෙන්නේ හරියට මං වෙන එකෙක් එක්ක බුදියලා ආවා වගේනේ....හුත්ත.....

මහ සද්දෙන් ඒක බිදිලා යද්දි ලුසී ආන්ටි දුවන් ආවත් එයා නම් හැරිලවත් බැලුවෙ නෑ....තියන නපුරුකම...අනේ දෙවියනේ මගෙ දරුවා නම් ඕකා වගේ කරන්න එපා .....

🎼 S A Y    H I 🎼 ( Completed)Onde histórias criam vida. Descubra agora