...
...
...
ඇත්තටම මේ ගාඩ්ස්ලා මේ තරම් මෝඩයිද...කවුරු හරි ඇවිත් දෙයක් කිව්වම එකපාරටම පිලිගන්න තරම්...ඒකත් කොල්ලෙක් දරුවෙක් ගැන කිව්වම....ම්ම්....ලෝකේ ඇතුලේ ගොඩක් කලාතුර්කින් නම් ඔය වගේ දේවල් කොල්ලන්ට වෙනවා..නැත්තෙමත් නෑ...ඒත් ඉතින් එහෙමයි කියලා කිව්ව ගමන් මේ හැම එකාම පිලිගන්නෙ කොහොමද...යීබෝ ගාඩ්ලා විදිහට අරන් තියෙන්නෙ ඇග පිම්බුනු මොලේ කජ්ජක් උනු සෙට් එකක්නේ.....මුන්ව හොදයි පාර අතුගාන්න දාන්න....
...යන්න එපාද......
මන් මහ දුක් මූනක් හදන් බඩටත් අත තියන් සෙට් එක දිහා බැලුවා.....එතන පස් දෙනෙක් හිටියා...දෙන්නෙක් විතරක් අනුකම්පා සහගත බැල්මක් මං දිහා දාන් හිටියා...අනිත් තුන නම් නිකම්ම බැල්මකින් ගල් පිළිම වගේ හිටියේ.....
..ඔය කියන හැටියට ඔය කොල්ලට ඇත්තටම දරුවෙක් ලැබෙන්න නම් ..
..පිස්සු කියවන්න එපා ..මාස්ටර් වන්ග් මේ වගේ කොල්ලෙක් එක්ක යයිද...කොහොමද එකපාරටම කඩා පාත් වෙලා මලක් දික් කරපු පාරට ප්‍රෙග්නට් වෙන්නේ....
අන්න බුද්ධිමත් එකෙක්......අගය කරන්න වටිනවා..ඒ උනාට දැන් බෑ...මේකා මගෙ ප්ලෑන්ස් සේරම කාලා දානවා....ඒ තප්පරෙන්ම මං කලේ මූනට මහා ලොකු දුක් මූනක් ගත්තු එක....
..මං හිතුවා ඔයාලට මං ගැන ඔහොම හිතෙයි කියලා...කමක් නෑ ඔයාලගෙ වැරැද්දක් නෑ..ඔතන හිටියා නම් මාත් කරන්නෙ ඕකම තමා....ඔයාලා ආපහු යන්න...මෙතන ඉදන් මාත් එක්ක කතා කරලා කාලේ කන්න එපා...
..එතකොට ඔයාඅ..
..මට මොනා වෙන්නද ඉතින් ..මගෙ දරුවවත් හදාගෙන මං ඉන්නම්....තනියෙන් හැමදේම කරගන්න එක මට මහලොකු දෙයක් නෙවේ......
වේගෙන් ඇහිපිය ගහපු මං ඇස්වල කදුලු පුරවන් ඒ හැමෝම දිහා හිනා වෙලා බැලුවා....අනිවාර්යයෙන්ම ඒක මහ දුක්කිත බැල්මක් වෙන්න ඕන...කදුලු අස්සෙන් දෙන හිනාවක් තරම් හිතක් දිය කරන්න පුලුවන් තරමේ දෙයක් තවත් නැතුව ඇති....යීබෝ සේරම දමලා ගහලා දැනටමත් ගිහින් තියෙද්දි මං ගාඩ්ලා ටික මගෙ පැත්තට නම්මගන්න රටේ නැති කතා කියන්න ගත්තා....
ESTÁS LEYENDO
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....