..
..
..
ශූට රවලා මං අහක බලාගත්තා.....හැබැයි ඒ තප්පරෙන්ම ඌට ගස්සලා වගේ ආයෙමත් ඉස්සරහට හැරුනා....
..තව තුනයිනේ..
..ම්ම්...හොස්පිටල් එකෙ ඉන්න එකා එක්ක තුනයි...
..උන් තුන් දෙනාවම එක තැනකට එකතු කරලා දීපන් එකපාරින් මරලා දාන්න....
ඉක්මනටම මේ කරදරෙන් නිදහස් වෙන්න තියෙන ඕනකමට මං කියද්දි ඌ මට දැම්මේ කටකොනක හිනාවක්.....
..උන් තුන් දෙනාව ගෙනත් දෙන්නම්...උබේ මිනිහත් එක්කම....
.....................
..............
.........
.....
...
..
.තේරුම් ගන්න අමාරු හැගීම් ගොඩක පැටලිලා....
විදිනවට වඩා විදවනවා...
තප්පරෙන් තප්පරේ...
මොහොතින් මොහොත...
ලගා වෙන්නේ...
එයා මේ ලෝකෙට එන්න වගේම...
මං මේ ලෝකෙන් යන්න කියන එක මතක් වෙනකොට......
..මගෙ රෝස බෝලේ නිදිද..
එයාටත් කලින් එයාගේ සුවඳ නාස්පුඩු හරහා ගිහින් හදවතටම දැනෙද්දි මන් තද කරලා ඇස් පියාගත්තා......ඇස් අරින්න බයයි...ඇරියොත් එයාව දාල යන්න ලෝබ හිතෙයි.....
..මගෙ වස්තුව.....
එයාගේ අතැගිලි මූන පුරා යන පහස දැනෙද්දි මන් හුස්ම හිර කරගත්තා......පිරුනු කම්මුල්වලට තද උනු අතැගිලි බෙල්ල හරහාත්...වේදනා දෙන තන පුඩු හරහාත් ඇදිලා ගිහින් කුස උඩින් නතර වෙද්දි...වැහුනු ඇස් පිය තව තවත් තද උනා......ඇද රෙද්ද පැත්තකට කරලා ඇදගෙන හිටිය දුහුල් ඇදුම එයා උඩට උස්සනවා කියන එක දැනෙද්දි ඇස් ඇරල එයාට තුරුලු වෙන්න ඕන උනත් මන් ඉවසන් හිටියා.....
මොකද ඇලෙන තරමට සමහර දේවල්වලින් ගැලවෙන්න අමාරුයි....
...අම්මිය එක්ක මගෙ වස්තුවත් නිදිද ම්ම්....
මාස අටකට ලන් වෙන්න මටවත් දරාගන්න බැරිතරමට නෙරපු කුස පුරා ඒ දෙතොල් ඇදි ඇදී යද්දි පියවුනු ඇස් අතරින් උනත්....කඳුළු පිරෙන්න ගත්තා....මට ඇත්තටම අමාරුයි කියලා හිතලා හොස්පිටල් එකේම නතර කරපු එයා....එයාගේ වැඩ අතෑරලා දාලා හැම වෙලාවකව වගේ මාව බලන්න එද්දි...එයාගෙයි මගෙයි අපි දෙන්නගෙම දරුවගෙ එක උණුසුම් ස්පර්ශයක් වෙනුවෙන් බලන් ඉද්දි....සමහර තැන්වල එයාගේ ආදරේ මටවත් දරාගන්න බැරිව ගියා..දරාගන්න තියා ඒ ගැන හිතන්නත් අමාරු උනා.....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....