..
..
..
..braaaahhhh
Braaahhhhhhh
Braaahhhhhhh...
..ම්හ්...යී.. හ..න්....
තවමත් ලෝකෙම කැරකෙනවා වගේ දැනෙනකොට ...මං ඇස් අරින්නෙ නැතුවම ඇද අතගෑවා.....රැයෙන් බාගයක් ඇහැරගෙන කම්පැනි එකේ වැඩ ටික කරපු මගෙ අමාරුවෙන් වගේ ගත්තු සැප නින්ද කොහෙදෝ නැති කෝල් එකකින් කැඩිලා යද්දි..මං කලේ නොරිස්සුමෙන්ම ඇද අතගෑව එක ....
..යී හ..න් ...ව..ස්තු..ව කෝ ඔයා...
වෙනදට මගෙ පපුව උඩ නිදාගන්න චූටි බට්ටා අද ඇදේවත් හොයන්න නැති වෙද්දි..කතා කරගන්නවත් බැරි තරමේ නිදිමතින් හිටිය මම එකපාරටම ගැස්සිලා ඇහැරුනා ..බෙල්ල ගාවට වෙනකම් වැටිලා තිබුනු බෙඩ්ශීට් එක තල්ලු කරලා විසි කරපු මං තවමත් බොද උනු ඇස්වලින් වැනි වැනිම ඇදෙන් බැස්සා......
...යීහ..න්..යී...හා...න්....චූටි බට්ටෝ....
එක ඇහැක් පොඩි කරන ගමන් එයා ඉන්නවද කියන්න මං කාමරේ පුරාම බැලුවා...වයිබ්‍රේට් වෙන සද්දයක් ඇහුනත් ෆෝන් එකවත් හොයාගන්න නැති වෙද්දි....වෙන්න ඇත්තේ මොකක්ද කියන එක මට තේරුම් ගියා...ෆෝන් එකේ සද්දෙ ඇහුනේ සෝෆා එක පිටිපස්සෙන් වෙද්දි ඒ අස්සෙන් පැම්පස් එක අන්දපු චූටි පස්සක් පෙනුනත් ඕන දෙයක් කරගන්න දීලා මං ඔරලෝසුව දිහා බැලුවා...දැන් ආයේ නිදාගෙන වැඩක් නෑ මෙහෙම්ම ඔෆිස් යන්නයි තියෙන්නෙ....
එයාට කතා කළොත් නම් මට දත්වත් නිදහසේ මැදගන්න වෙන්නෙ නෑ කියලා දන්න නිසා දොරත් බාගෙට අඩවන් කරලා මං සීතල වතුරෙන්ම නාගත්තා...හැමදාමත් වගේ විනාඩියට දෙකට...කොහෙද ඉතින් මේ චූටි බට්ටෙක් හදාගෙන නානවා තියා සැනසීමේ කාපු කාලයක්වත් මතක නෑනේ ...
..බ..වු...පතියා දො..යි..
මගෙ හොර ගෙඩියගේ කටහඬ හොරවට වගේ ඇහෙද්දි පොඩි ටවල් එකකින් ඔලුව පිහින ගමන් බාත් රොබ් එක පිටින්ම මං ලන් උනේ සෝෆා එකට...සද්දෙ නෑහෙන්න දනිස්ස තියලා සෝෆා එකට බර වෙලා මං එබුනේ ඒකේ පිටිපස්සට ...හහ්...හිතුවා හරි...මගෙ වස්තුව එයාගේ අත් දෙකෙන්වත් අල්ලනවා තියා හිතන්නවත් බැරි ෆෝන් එක බදාගෙන පපුවට තුරුලු කරගෙන මොනාද කියනවා...ඒකත් ටයිල් පොලොවෙ වාඩි වෙලා එයාගේ බවු පැටියව අනිත් පැත්තට හරවලා අතෙන් තට්ටු දාන ගමන්.....අනේ ඉතින් මහ අම්මන්ඩි නැලවිලි ගී කියනවා ඇති බවු පැටියට නිදාගන්න ...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....