..
..
..
ශූ......
ශූ යැන්ග්....
ජියැන්ග් ශූ යැන්ග්....
මගෙ අම්මගේ දෙවෙනි දරුවා...
මං ඉපදෙන්න කලින්...නැති උනු අම්මගේ පලවෙනි දරුවා වෙනුවට හදාගන්න ගත්තු දරුවා...
ලේ බැඳීමක් නොවුනත්...නීතියට අනුව මගෙ වැඩිමහල් සහෝදරයා...
අම්මට එයාගේ ලොකු පුතා උනත්..
ඩැඩීට එයාව අනාත කොල්ලෙක් උනත්...
මට එයාව මගෙ සහෝදරයම උනත්...
ශූ යැන්ග්ට අනුව...
මං තවමත් එයාගේ පලවෙනි ආදරේ ...
ආදරේ කියන්නේ පරිත්‍යාගයක් වෙන්න ඇති.....හුගක් අය එහෙම කියනවා....ඒත් ඒක ගැන මං දන්නෙ නෑ....උපන් දා ඉදල ඩැඩී ඉගැන්නුවේම තමන්ට දෙයක් ඕන උනොත් බලෙන් හරි ඒක උදුරගන්න කියලා වෙද්දි....යීබෝව උනත් වෙන කෙනෙක්ට දීලා අත පිහගන්න මං ලෑස්ති උනේ නෑ ..මට ඕන නම් මගෙ විතරයි .....මට ලැබෙන්නෙ නැත්නම් කාටවත් නෑ.......
ඒත් ශූ......මට තාම එයාව තේරුම් ගන්න බෑ ......එයාට ඕන ඇත්තටම මං එයාට නොදුන්නු අයිතිය වෙන කෙනෙක්ට දීලා වෙන ලෝකයක් හදන් සතුටු වෙන හැටි බලන් ඉන්නද...නැත්නම් බලෙන්ම හරි මාව එයා ලගට ගන්නද.....මට තවමත් හිතාගන්න බෑ....
.....ඔහොම පේ උනාට තමුසෙ නිදාගෙන හිටිය මාස ගානේත් ඌත් තමුසෙ වෙනුවෙන් පේ උනා කියලා හිතනවද ජාන්.......
මගෙ ඇගිලි තද කරන් ඉන්න ඇගිලි අස්සට ...ඒ වචනත් එක්ක මගෙ අත තවත් තද වෙලා ගියා.....ඒ ඇස්.....හීනි හැගීම් කියවන්න බැරි ඇස් මගෙ ලොකු උනු ඇස් ලග තනි කෙලින් නතර වෙලා තියෙද්දි මේ මොනාද කියන්න යන්නෙ කියලා නොදැන මගෙ පපුව වේගෙන් වේගෙන් ගැහෙන්න ගත්තා.....
...ශ්...ශූ..මොනාද ඔය...
..තමුසෙ මොනාද දන්නෙ කියනවා ජාන් ආ.....මෝඩයක් වගේ වැඩ කරන්න ගිහින් තමුසෙ මාස ගානක් සිහි නැතුව ඇඳක් උඩ හිටියා....ඒකත් අර වැඩකට නැති මිනිහෙක් වෙනුවෙන්...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....