...
..
..
..
මාව මංකොල්ල කන්න ආව උන් ටික සල්ලි කෝ කියලා වාද කරද්දි මං ශේප් එකේ එතනින් දුවන් ගියා ....ඇගම පන නෑ වගේ ගතිය නිසා මට ඕන උනේ ඉක්මනටම ඇදට පැනලා මරලා දාලා වගේ නිදාගන්න.....ඒ උනත් උදේ තිබ්බ මහන්සිය එක්ක ඇස් නිලන්කාර වෙලා වගේ ගිය මං වැඩි දුරක් යන්න කලින් බිමට් ඇදන් වැටෙද්දි මගෙ කන්වල එකම එක හඩක් විතරක් ඉතුරු උනා...
..ඩෝ..ංංංංං....
.........................
...........................ම්හ්ම්.....
හරියට පාවෙනවා වගේ... ඇගම සැහැල්ලු වෙලා ගිහින් අමුතු සනීපයක් දැනෙනවා...ඒ වගේම සීතලත්...ඒ උනත් ඒකත් අමුතුයි...ඒ සීතල දැනෙන්නෙ මගෙ ඇග පුරාම නෙවේ...මගෙ කම්මුලකට...ඔව් කම්මුලක්....සතෙක් ඇවිදන් යනවා වගේ.....ඇහි පිහාට්ටක ඉදන් කම්මුල් දිගේ තනි කෙලින් ඇදිලා ආව සීතලක්.... ඒක නිකට ළඟින් නතර උනා....තොලට පහලින්...මගෙ උපන් ලපේ ළඟ.....ඒ එක්කම ඒ සීතල ආයෙමත් කම්මුල දිගේ උඩට ඇදිලා ගියා....ම්හුක්....මට සීතලයිනේ ....
..එ..පා .හ්හ් ...
මට කෙදිරි ගෑවුනා...මට මගෙ කටහඩ පවා ඇහුනේ හීනෙන් වගේ....ඒත් එක්කම අර සීතල මූනෙන් නැති උනා....හැබැයි මගෙ ඇග පුරා හුලගක් හැමුවා වගේ සීතලක් දැනෙන්න ගත්තා....අනේ..හ්....මං ඒකට ආස නෑනේ...මූනට සීතලයක් දැනුනත් කලින් වතාවෙ මගෙ ඇග උනුහුම් වෙලා තිබ්බා.....ඒත් මූන පුරා ගිය සීතල නැති වෙනවත් එක්කම මගෙ එහා පැත්තෙන් මහ හිස්කමක් දැනුනා ....එන්න බැරිව නැවතිලා තිබුනු හුලග බාදාව අයින් උනු නිසා ඇග පුරා දැවටෙනවා කියන්න දැනුනා.....
තවත් එහෙම ඉන්න බැරි තැන මං ඇස් ඇරියා...ඇස් පිහාටු වගේම ඔලුවත් බර වෙලා වගේ...තප්පර ගානක් යනකම් හැමදේම බොද වෙලා ගිහින් වගේ දැනුනා ...එකපිට එක ඇහි පිහාටු කීප සැරයක් ගහලා මං හෝන්තු මාන්තු ගතියෙන් බෙල්ල හැරෙව්වා....
මං හිටියෙ ඇදක....මගෙ කාමරේ කියල හිතුනත් ඇත්තටම එහෙම නෑ....මං හිටියෙ කොහෙදෝ නොදන්න තැනක... ඇස් විතරක් කරකවලා මං පේන දේට අවධානය දුන්නා ...සුදුපාට සිවිලිමක් එක්ක ලා කහ පාට තිර රෙදි දාපු පොඩි එත් අමුතු නිහකඩමක් තිබ්බ තැනක්.....නෑ නිහඩ නෑ.....ළඟින්...ගොඩක් ළඟින් රැල්ල වෙරලට ගහන සද්දෙ ඇහෙනවා...වෙනස් වෙන හෝ හඩත් එක්ක රළ ගල් පරවල හැප්පෙනව කියලා හිතෙනවා....මං ඉන්නෙ මුහුදක් ලගද ..ඒත් කොහොමද....අනික මේ උදේ....මගෙ මූනට ඉර එලිය වැටිලා හැමදේම පැහැදිලිව පෙනුණා...මං මොනාද උනේ කියල මතක් කරන්න උත්සහා කලා...අන්තිමට දැකපු රූපත් එක්ක ඇහුනු වෙඩි හඩෙන් පස්සෙ මොනවා වෙන්න ඇද්ද කියලා ඔලුව වෙහෙසුවා....ඒත් හිස් උනු ඔලුව ඇතුලෙන් වේදනාවකට වඩා දෙයක් නොලැබෙද්දි මං අත්වලට බර දීලා ඇදෙන් හේත්තු උනා ....බෙල්ල ලගටම වෙන්න තිබුනු බ්ලැන්කට් එකත් පහලට රෝල් වෙලා ඉන ලගට වැටෙද්දි මගෙ ඇස් ලොකු උනා....මගෙ ඇගෙ තිබ්බෙ ඊයේ හවස මාරු කරපු ඇදුම නොවෙනකොට මගෙ ඇස් ඊට්ත් වඩා ලොකු වෙලා කටත් ඇරෙද්දි උනේ මොකක්ද බලන්න වටපිට බලපු මට ඊටත් වඩා කෑ ගැහුනා....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....