..
..
..
..බෝනස්ලු🙂
..
..
.
මගෙ ඇස් ලොකු උනා...එයාගේ හීනි උනු ඇස් මගෙ ලොකු ඇස් අස්සෙ මොනාදෝ හොයන්න වගේ දෙපැත්තට වෙද්දි මගෙ උගුර පවා වේලිලා ගියා....කන්න ඉල්ලුවා තමා ඉතින් ...ඒ උනාට එයාව කන්න ලැබුනා කියලා මං එපා කියන්නෙත් නෑනේ....
..පන්ඩිතයා....
මගෙ මූනට වැටුනු කොන්ඩෙ උඩට කරන ගමන් එයා මගෙ තොල්වලට චොක් ගාලා හාද්දක් තිබ්බා....අපෝහ්..ඒක හැරෙන්නත් මදිනේ....මං ඇස් දෙකත් පියාගෙන එයාගෙ කරවටේ අත් දාලා තොල් දෙක උල් කලා....පෙනුනේ නැති උනත් මට ඇහුණා එයා හීනියට හිනාවෙනවා....මේ දැන් දෙයි මේ දැන් දෙයි කියලා බලන් හිටියට එයා කලේ පාත් වෙලා මගෙ කම්මුල් ඉම්බ එක.....ඉබලා ඉබලා ඒවා බෝල වෙලා කියලා දත්වලින් හැපුව එක....මං ඒක එපා වෙලා දගලද්දි ඇගට බර නොදී දනිස්වලින් ඉදන් මං බේරෙන්න බෙල්ල හරවන හරවන පැත්තට එයත් පාත් වෙලා මට වද දුන්න එක...
..ම්හ්..මි..නිහෝ...ව්...ඇති යකෝ...ව්ව්..
..ඒ..හ්...
එයා මගෙන් ඈත් වෙලා ආයෙමත් යාන්ත්මට මගෙ කම්මුලක් හැපුවා.....
...රොමෑන්ටික් ෆීලින් එකක් ආවොත් ඒකත් මේ කට නිසා නැති වෙලා යනවා...දැන් මං හපල දානවා මේක...
..ඉතින් මං එපා කිව්වද ආ...
...හපනව නෙවේ හපලා කනවා මට දැන් හිතුනොත්.....
..ම්හ්...
මගෙ මූනට බර වෙලා එයා කිව්වේ දැනෙන නොදැනෙන ගානට බෙල්ලට හුස්ම වද්දන ගමන්.....නාලා ආවා උනත් එයාගේ හුස්ම ගොඩක් උනුහුම්....ඇගේම හිරි පිපෙනවා....ඒ වගේම කොහෙදෝ නැති බඩේ කැක්කුමක් වගේ එකක් අල්ලන්න ගන්නවා.....මං තොලත් නොපිට හරවන් ඇස් කරකවන්න ගත්තා.....එක්කො හපනවා නම් හපන්න ඕන...මොන මගුලකටද මන්දා පිලිකුල් භාවනාව වඩන්නේ.....
ආයෙමත් එයාගේ අතක් මගෙ කෙස් අස්සෙන් යනකොට මං වෙන පැත්තකට හරවලා තිබ්බ ඇස් එයාගේ පැත්තට හැරෙව්වා...එයා මං දිහා බලාගෙන....ඩිම් කරපු ලයිට් එලියටදෝ එයාගේ දුඹුරු පාට ඇස් දිලිසෙනවා.....අනේ මන්දා...ඒ ඇස්...ඇත්තටම වෙලාවකට පිස්සුවක්.....බලන් ඉන්නම හිතෙනවා...දිගටම බලන් ඉන්න ඕන උනත් කෙස් ගස් අස්සෙන් ගිය එයාගේ අත මගෙ වම් කම්මුල දිගේ සිනිදුවට රටාවකට පහලට ඇදීගෙන එනකොට මගෙ ඇස් නිකන්ම පියවෙලා ගියා....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....