..
..
..
ඕතරී ' ස් P.O.V 😌°°°°°°°°
..
..
.මුලින්ම නැග්ගේ කවුරු උනත් අන්තිමට හැමදාමත් අසරන වෙන ටකාශි පර්ස් එක එලියට අරන් ටැක්සියට ගෙවද්දි ජාන් කලේ බඩත් අල්ලන් දෙකට නැවීගෙන වගේ එලියට බැස්ස එක...කකුල් දෙක ඈත් කරගෙන වගේ බඩත් අල්ලන් දෙකට නැවීගෙන ගිය ජාන්ට තිබුනේ පස්ස කැඩුනු පාත්තයෙක්ටත් හපන් ගමනක්....හදිසියේ හරි ඒ ගමනට පාත්ත ගමනක් කිව්වොත් පාත්තයටත් වෙන්නෙ වස කන්න තමා.....මොනා උනත් යටි බඩේ අමාරුවටයි උදේ ඉදන් කාලා නැති එකටයි ජාන් පන නැතිව වැටෙන්න ඔන්න මෙන්න වගේ හිටියේ...ඒ හින්දමද කොහෙදො ගෙදර බිත්තිත් අල්ලගෙනම නැවීගෙන ගිහින් බෙල් එක ගහගන්නවත් බැරිව හේත්තු වෙලා හිටියා...මේ තරම් වෙලාවක් හොදට හිටියනේ මේ කොල්ලා...පැය ගානක් එක්සෑම් එකක් ලිව්වත් එක්ක...අනේ මන්දා එකපාරටම මොන යකෙක් වැහෙනවද කියන්න.... ඒ උනාට ඉතින් ඒ වැහෙන යකාට හැමදමත් වගේ ටකාශි කොලුවා නම් අහුවෙනවා....
..ජාන් ජා..න් මොකද උනේ...ආ..කොල්ලො අමාරුවක්ද....
මං කිව්වේ...උස ගියාට වැඩක් නෑ ඒකා මෝඩයි....
..නෑ..නෑ..අමා..රුවක් නෑ...බෙ..ල් එක ගහන්න..
..ආ හරි....
..ඩින්ග් ඩොන්ග්...
බෙල් එක වැදුණා....ජානුත් අසනීපෙන් නිසා ශොප් එක ඇරියෙ නැති කොට මින් හෝ හිටියෙත් ගෙදරමයි... මෙහෙමයි ඉතින් ගෙදර කිව්වට ඇග මෙතන , හිත රවුම් ගහනවා...ඒකත් තනියම නෙවේ...එක එක වර්ගෙ කෙල්ලොත් එක්ක....මින්හෝගේ ෆේස්බුක් රිලේශන් ශිප් ස්ටේටස් අතරට වැටිලා නැත්තේ කාබේරියන් කෙල්ලෙක් විතරයි ...ඒ වැටුනා නම් කොල්ලත් නිකන්ම බහු ජාතික ජීවියෙක් වෙනවා...
..ආ..හ් ජානෝ....
කනක ෆෝන් එක ගහන් හිටිය මින්හෝ වැටිලා වගේ හිටිය ජාන් දැකලා කලබල උනා....ඒ එක්කම කෝල් එකත් වචනයක්වත් නොකියා කට් කරලා සාක්කුවට ඔබන් එයා ජාන් ලගට පාත් උනා...ඒ වෙද්දිත් ටකාශි හිටියේ ජාන්ව නැගිට්ටවන්න හදන ගමන්...ඒත් හරිගියේ නෑ....එයාව නැගිට්ටවන්න බෑ....
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....