..
..
..
හැමදාම වගේ ඒකාකාරි නොවී වෙනස්ම විදිහකට දවස ගෙවිලා යන්න පටන් අරන් තියෙද්දි ..දවසේ සිද්ද උනු ලොකුම වෙනස්කම වෙනුවට යීහන් අලුතෙන් ආව කොල්ලෙක්ගේ උකුලට වෙලා රස කර කර තම්බපු එළවළු කන ගමන් හිටියා....මං ඉන්නවා කියන එක ගානක්වත් නැතුව...මං දිහා නොබලම එයා වෙනදා වගේ මුරන්ඩුකම් නොකර හරි ආසාවෙන් වෙයි කවන කවන පාරට කට ඇරියා......
මං රැවුවා.........
එකපාරක් දෙපාරක් නෙවේ සිය සැරයක් විතර මං රැවුවා....දැක්කෙ නැතත් කමක් නෑ කියල ඇහේ පොට යනකම් මං රැවුවා....
මේ කොල්ලට මං කැවුවොත් තමා කන්න බැරිව දගලන්නේ...කොහෙදෝ ඉදන් ආව එකෙක් ලගට ආවත් හරි මාව අමතකයි...මොන මගුලක්ද මන්දා ඔය පිස්සගේ ඔය තරම් වහ වැටෙන්න තියෙන්නේ....
..ඔන්න චූටි කුරුල්ලා යීහන් ලගට එනවලු...ඕන් දැන් යීහන් කට අරිනවලු..කො කෝ දත් පෙන්නලා ආ කියන්න....
..ම්.මේ..මේ...
..ඔව් ඔව් ඒවත් දැම්මා තමා....බවු පැටියා වගේ උස යන්න නම් මගෙ පුතාත් කන්න ඕන නේද....
..බවු...
...ඔය ඉතින් කෑම කටේ තියන් කතා කරන්නෙ නෑ...එතකොට කෑමවලට දුක හිතෙනවනේ...
..ම්ම්??..
..ඔව්නේ දුක හිතෙනවනේ...යීහන් බබා හරි නරකයි කියලා හිතයිනේ...එයා කෑමවලට ආදරේ නැති නරක බබෙක් කියලා හිතයිනේ...
අරකා මගෙ කොල්ලව උකුලේ තියන් පද්ද පද්ද විකාර කියෝනවා.....ෆයිල් එකක් පෙරලගත්තා උනත් මගෙ ඇස් නතර උනේම ඒ දෙන්නා ගාව....යීහන්ටත් දැන් මාව ගානක් නැති තරම්...ඒ පිස්සගෙන් තොර ලෝකයක් නෑ වගේ....කවන කවන පාරට කට අරින ගමන් ඒ චූටි අත්වලින් වෙයිගෙ මූන අල්ලන්න හදනවා.....මූන අල්ලන්න ඉඩ මදි උනාම වෙයිගේ පපුව උඩින් අත තියාගෙන මොනවදෝ කරනවා...නැත්නම් කොල්ලගේ පපුවට ඔලුව තියාගෙන චූටි කකුලකුත් හොල්ලන ගමන් කට ඇරන් ඒ මූන දිහා බලන් ඉන්නවා...අරූටත් ගානක් නෑ..යීහන්ගේ අතට කැරට් කෑල්ල්ක් දීලා එයා ඒක පොඩි කර කර බිම දානවා කියන එක ගානක්වත් නැතුව තවත් කවනවා...
YOU ARE READING
🎼 S A Y H I 🎼 ( Completed)
Romanceමං එයාගේ ලේ ධාතුව එක්ක බැදෙන්න කලින් එයාගේ ලේ හොලවන්න බැදිලා ඉවරයි...ඉතින් ..ජීවත් වෙනවා නම් අපි දෙන්නගෙන් එක් කෙනෙක්ට විතරයි ....